මම පුටුවෙන් යනවා

294

නියෝජ්‍ය කථානායක ධුරයෙහි තමා කටයුතු කරන්නේ එළඹෙන 19 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිය දක්වා පමණක් බව රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

එදින පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී තමා ඉල්ලා අස්වන බව ද සඳහන් කරයි.

ජනතාව මේ මොහොතේ විඳින අසීමිත දුක සහ පීඩාවන් හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ලිමේන්තුවේ ස්වාධීන වූයේ රජයට දැනෙන භාෂාවෙන් මේ ගැන පැවසිය යුතු නිසා බව ඒ මහතා පවසයි.

එහිදී රජයේ තනතුරු දරන සියලු මැති ඇමැතිවරුන් ධුරවලින් ඉවත්ව ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ස්වාධීන වීමේදී තමා ද නියෝජ්‍ය කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ ද ඒ මොහොතේ පැවැති වාතාවරණය අනුව පක්ෂය ගනු ලැබූ තීරණයක් අනුව තවදුරටත් කථානායක ධුරය සහ පාර්ලිමේන්තු නියෝජ්‍ය කාරක සභා සභාපති තනතුර නොවෙනස්ව පවත්වා ගැනීමට ගත් තීරණය අනුව තමාට එම තනතුර දැරීමට සිදු වූ බව ද ඒ මහතා පවසයි.

එහිදී තමා එම තනතුරින් ඉවත් වූයේ නම් පාර්ලිමේන්තුවේ ප්‍රධානතම කාර්යය වන්නේ නියෝජ්‍ය කථානායකවරයකු පත් කර ගැනීම සඳහා ඡන්ද විමසීමකි. ඒ මොහොතේ පාර්ලිමේන්තුව තුළ පැවැති අර්බුද හමුවේ එය විශාල ගැටලුවක් බවට පත් වීමට ඉඩ තිබුණා. නමුත් ලබන 19 වැනිදායින් පසු පාර්ලිමේන්තුව රැස් වන්නේ මැයි මස 04 වැනිදාය. එවිට පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රයේ අංක එකට එන්නේ නියෝජ්‍ය කථානායකවරයෙක් පත් කර ගැනීමයි. එවිට ගැටලුවක් මතු වන්නේ නැහැ යැයි ද රංජිත් සියඹලාපිටිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment