මම වත්සලා වගේ නපුරු නැහැ…. නිලූ

567

පාර දිගේ ටෙලි නාට්‍ය බලන ඔබ දඟකාර කටකාර නපුරු වත්සලා ගැන දැන් හොඳට දන්නව. නමුත් නිලූ ගැන මොනවද දන්නෙ. ඇය මොන වගේ කෙනෙක්ද?. ඔබත් මේ ගැන උනන්දු වෙන්න ඇති. ඒ නිසාම අපි නිලූ ටනාෂාට කතා කළා. මේ ඇය අපිට කියූ දේ…

  • ‘පාර දිගේ’ ට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණෙ කොහොමද? මම ක්‍ෂේත‍්‍රයට එන්නෙ නිරූපිකාවක් විදිහට. ඒ මීට වසර දහයකට කලින්. නිරූපණය හැදෑරුවේ රොසෑන් ඩයස් මහත්මිය යටතේ. ඉන් පස්සෙ තුර්කියේ පැවැති ෆියුචර් ෆැෂන් ෆේසස් වර්ල්ඞ් තරගයට සහභාගි වුණා. එතනදි ක‍්‍රවුන් එකක් ජයග‍්‍රහණය කරන්න මට අවස්ථාව ලැබුණා. නැවත ලංකාවට ඇවිත් හර්ෂ උඩකන්ද අයියගෙ ‘සේද මාවත’ චිත‍්‍රපටයට සම්බන්ධ වුණා. එතනින් පස්සෙ තමයි මට අග්නි පියාපත් ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණෙ. ඒ මගේ යහළුවෙක් මාර්ගයෙන්. ඊළඟට අහස් මාළිගා ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙනව. එතනින් පස්සෙ තමයි පාර දිගේ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්නෙ.
  • වත්සලාට ලැබෙන ප‍්‍රතිචාර? පාරදිගේ නාට්‍යයෙදි මම නපුරු, කටකාර, දඟකාර, දුෂ්ඨ චරිතයක්. ඉතින් ප‍්‍රතිචාර විදිහට බැනුම් තමයි ගොඩක්ම ලැබෙන්නෙ.
  • නිලූ සැබෑ ජීවිතයෙදි? මම සැබෑ ජීවිතයෙදිත් ටිකක් කටකාරයි. අභියෝග වලට කැමති කෙනෙක්. දෙයක් හිතුවොත් කොහොම හරි ඒ දේ කරනව. නමුත් වත්සලා සහ නිලූ කියන්නෙ එකිනෙකට ගොඩාක් වෙනස් දෙන්නෙක්. මොකද මම සැබෑ ජීවිතයේදි ඒ තරම් නපුරු නැහැ. බොහොම සැහැල්ලූවෙන් ජීවත්වෙන කෙනෙක්.
  • නිරූපණයෙන් ඈත් වෙලාද? නිලූ ටනාෂා කියන චරිතය රසිකයො මුලින්ම හඳුනාගන්නෙ නිරූපිකාවක් විදිහට. මගේ ජීවිතයට යම් දෙයක් ලැබුණ නම් ඒ නිරූපිකාවක් විදිහට වැඩකරන කාලයේදි. රංගනය කියන දේ මම තවම හදාරනව. මේක විෂයයන් දෙකක්. කොහොම වුණත් මම නිරූපණය අතහරින්නෙ නැහැ. ඒක තමයි මගේ ජීවිතය.
  • රංගනය හදාරලා තියෙනවද? ඔව්. මම මහේන්ද්‍ර පෙරේරා මහත්මයා යටතේ මාස හයක කාලයක් රංගනය පිළිබඳව හදාරල තියෙනව. නමුත් දිගුකාලීනව ඒ ගැන ඉගෙන ගන්න අවස්ථාව ලැබුණෙ නැහැ.
  • ප‍්‍රවීණයන්ගෙන් ලැබෙන සහයෝගය? ඇත්තටම මේ කාලය ඇතුළත මට ක්‍ෂේත‍්‍රයෙදි ප‍්‍රවීණයන් බොහෝ දෙනෙක් ඇසුරු කරන්න අවස්ථාව ලැබිල තියෙනව. ඔවුන් හැමෝම මට ගොඩක් ආදරෙයි සහ ඔවුන්ගෙන් බොහෝ දේවල් ඉගෙනගෙන තියෙනව.ඒ වගේම අදටත් ඔවුන් මගේ අඩුපාඩු පෙන්වා දෙනව. ඒක මම ලබපු ලොකු වාසනාවක් හැටියටයි මම දකින්නෙ.
  • අලූත් ආරාධනා? අලූත් වැඩ කිහිපයකටම ආරාධනා ලැබිල තියෙනව. නමුත් රටේ පවතින තත්ත්වයත් එක්ක ඒ අයට වැඩ කරගන්න විදිහක් නැහැ. අපි බලමු ඉදිරියෙදි, වෙනස් වැඩ කිහිපයකින් මුණගැහෙන්න ලැබෙයි කියල හිතනව
  • බලාපොරොත්තු? බලාපොරොත්තු ගොඩක් තියෙනව. ඒ අතර ව්‍යාපාරික කටයුත්තක් කරන්නත් සැලසුම් කරල තියෙන්නෙ.
  • ඔබ එක රාමුවකට කොටුවෙලා? ඇත්තටම මම එක රාමුවකට කොටු වෙන්න කැමති කෙනෙක් නෙමෙයි. නමුත් බොහෝ වෙලාවට මට ලැබෙන්නෙ නපුරු චරිත. ඒකෙන් මිදිල විවිධ චරිත හරහා පේ‍්‍රක්‍ෂකයන් අතරට එන එක තමයි මගේ ආසාව.
  • ක්‍ෂේත‍්‍රයේ කට කතා ගැන අදහස? රංගන ක්‍ෂේත‍්‍රය ගැන පැතිර ඇති වැරදි මත නිසා නවකයන් ඊට යොමුවෙන්න බියක් දක්වනවා. නමුත් මම කියන්නෙ එහෙම අනවශ්‍ය බියක් ඇතිකරගත යුතු නැහැ. හොඳ නිර්මාණයකට සම්බන්ධ වෙන්න පුළුවන් නම් ඒක නවකයකුට ගොඩක් වටිනව.
  • මොනවද මේ දවස්වල වැඩකටයුතු? මේ දවස්වල නම් මම ගොඩක් වැඩ භාරගන්නෙ නැහැ. අඩුම තරමින් ෆොටෝ ෂූට් එකකටවත් යන්නෙ නැහැ. ඒ පරිස්සම ගොඩක් වටින නිසා. නමුත් ටෙලි නාට්‍යයේ නම් රූගතකිරීම් මේ දිනවල සිදුවෙනව.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment