මම විපක්‍ෂයේ නොවෙයි: පාර්ලිමේන්තු පක්‍ෂ නායක කමිටුවෙත් නෑ ඒත් ඉල්ලීම ඉටුකර දී විපක්‍ෂය පාර්ලිමේන්තුවට ගෙන්වා ගන්න

113

රනිල් කථානායකගෙන් ඉල්ලයි

අයවැය විවාදයේ ඉතිරි දිනවලට හෝ විපක්‍ෂය පාර්ලිමේන්තුවට ගෙන්වා ගැනීමට ඔවුන්ගේ ඉල්ලීම ඉටුකර දෙන්නැයි එක්සත් ජාතික පක්‍ෂ මන්තී‍්‍ර රනිල් වික‍්‍රමසිංහ මහතා කථානායකවරයාගෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (07දා) ඉල්ලීමක් කළේය.

තමා විපක්‍ෂයේ නොවුණද, විපක්‍ෂයේ මන්තී‍්‍රවරයාට සිදුවූ සිද්ධිය පිළිබඳ සෙවීමට කමිටුව වහාම පත්කළ යුතු බවද හෙතෙම ඉල්ලා සිටියේය.

එහිදී රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේද කීය

මේ විපක්‍ෂයේ අනෙක් අයත්, ආපසුව අපි මේ ආර්ථික ප‍්‍රශ්නය ගැන කතා කරමු. ඒ නිසා මම කථානායකතුමාගෙන් ඉල්ලන්නේ අපි ඒ ප‍්‍රශ්නය ගැන හොයන්න කමිටුවක් පත්කරමු. ඉන් පසුව ඒ කමිටුව

රැුස්වෙලා ඒ සිද්ධිය ගැන පරීක්‍ෂණ කරාවි. විපක්‍ෂයේ හැටියට කියන්න ඕනෑ, මම විපක්‍ෂයේ නොවෙයි. මම පාර්ලිමේන්තු පක්‍ෂ නායක කමිටුවෙත් නෑ. ඒත් මම ඉල්ලීමක් කරනවා. එක මන්තී‍්‍රවරයෙක් චෝදනා කරලා තිබෙනවා ඔහුට හානියක් වුණා කියලා. ඒ නිසා ඒ ගැන කමිටුව පත්කරලා පක්‍ෂ නායකයන් කැඳවලා සාකච්ඡුාවක් කරන්න.

අඩු ගානේ අපට අයවැය අන්තිම දවසේ මේ ඔක්කෝම ඉන්න ඕනෑ. ආර්ථිකය ගැන වැඩකටයුතු කළ අය එතැනත් ඉන්නවා. මේකේ පැති ගණනාවක් තිබෙනවා. අපි ඉතුරු ටික සිකුරාදා කතාකරමු.

මේ පාර්ලිමේන්තුව ගැන තිබෙන විශ්වාසය අපි යළි ඇති කරමු. ඊයේ අනුර කුමාර දිසානායක මන්තී‍්‍රතුමා කියපු දේ මමත් අනුමත කරනවා. ඉතිරි දින ටිකට විපක්‍ෂය ගේන්න. ඒ කමිටුව නම් කරන්න. ඒ ඉල්ලීම ඉටුකරන්න. මම අද ආවේ ඒ නිසයි. ඒ අයගේ ඉල්ලීම ඉෂ්ට කරලා මෙතනට එන්න දෙන්න.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment