මම සින්දු කියන්නේ විනෝදාංශයට – ඉඳුනිල් මනෝජ්

165

ග්‍රැමෆෝන් යුගයේ පටන් පැවත එන කලා පවුලක මුණුපුරෙකු ලෙස උපත ලැබූ මොහු මේ වනවිට කාලීන ගීත කිහිපයක්ම එළිදැක් වූ ගායකයෙකි. ශ්‍රී ලංකාවේ දෙහිවල ප්‍රදේශයේ උපත ලබා මේ වන විට එංගලන්තයේ ජීවත් වන අතර විනෝදාංශයක් වශයෙන් ගීත ගායනා කරන මොහු තම සීයාගේ සහ ආච්චිගෙ ගීත කලාව රැක ගැනීමට උත්සාහ දරමින් ගීත එළිදක්වනු ලබයි.ඔහු නමින “ ඉඳුනිල් මනෝජ් යාපා” යි. මෙවර නිවාඩුව ගත කිරීමට ලංකාවට පැමිණ සිටි වෙලාවේ ඔහුගේ නවතම ගීතයන් වන “ හිතුවක්කාරයා” සහ “ජීවිතයයි අරගලයයි” යන ගීත දෙක පිළිබඳව දැනගැනීමට අපි ඔහුත් සමග කතාබහක යෙදුණා.

මම සින්දු කියන්නේ විනෝදාංශයට - ඉඳුනිල් මනෝජ්

ප්‍රථමයෙන්ම මම කලාවට පිවිසීම ගැන කතා කළොත් මගේ ආච්චිගෙන් සහ සීය ගෙන් තමයි මට ගීත ගායනා කරන්න හැකියාව ලැබුණේ. සීයා සහ ආච්චිව මතක් කළොත්, සීයගේ නම විල්ෆට් පෙරේරා. ආච්චි වී. පී අනුලාවතී පෙරේරා. මගේ ආච්චිගේ නංගි තමයි වී. පී ලීලාවතී පෙරේරා. ඒ අය ග්‍රැමෆෝන යුගයේ පටන් පැවත එන සංගීතවේදියෝ. ආනන්ද සමරකෝන් සූරීන් සමග තමයි එයාලා ගීත ගොඩක් ගායනා කරලා තිබුණේ. ඉතින් ඒ අයගේ ආරෙට තමයි මමත් ගීත ගායනා කරන්න පෙලඹුණේ.

මම සින්දු කියන්නේ විනෝදාංශයට - ඉඳුනිල් මනෝජ්

මම 90 දශකයේ දී බටහිර ආරයේ ගීත තමයි මුලින්ම ගායනා කළේ. පසුව 1995 දී මම ජර්මනියට ගියා.මම ගීත ගායනා කරන්නේ නම් මගේ විනෝදාංශයක් විදිහටයි. මම එංගලන්තයේ දී නම් වෘත්තීමය වශයෙන් සූපවේදියෙක් විදිහට තමයි කටයුතු කරන්නෙ. ඉතින් සෑම වසරකම මම මගේ උපන් රටට එන්නත් අමතක කරල නැහැ. ඒ ආපු අවස්ථාවන් කීපයක දී එළි දැක්වූ ගීත දහයක් මේ වෙනකොට තියෙනවා. ඒ ගීත වලින් පළමු වරට මම එළිදැක්වූ ගීතය වන්නේ, “ලන්ඩන් ජීවිතේ” කියන ගීතය. ඊට අමතරව ගිය වසරේ ලංකාවට ආපු වෙලාවේ මම “හිතුවක්කාරයා”සහ “ජීවිතයයි අරගලයයි”කියලා ගීත දෙකක් කළා. එයින් “ජීවිතයයි අරගලයයි” ගීතය නම් තවම එළිදක්වලා නැහැ.මේ ගීතයෙන් කියවෙන්නෙ ලංකාවේ පසුගිය දිනවල තිබුණු අරගලය ගැන නම් නෙවෙයි.මොකද අරගලයට කලින් තමයි මම මේ මාතෘකාව බාර දුන්නේ. මේ ගීතයේ අන්තර්ගතය ගැන කතා කළොත් ඇත්තටම ඒකෙන් කියවෙන්නේ, එංගලන්තයේ අපි ගත කරන ජීවිතය ගැනයි. මිනිස්සු ජීවත් වෙන්න දරන මහන්සිය, හීතලේ ගැහි ගැහි උදේට වැඩට ගිහින් රැකියාවන් කරන විදිය,වැනි අන්න ඒ ජීවිත අරගලය ගැන තමයි කියවෙන්නේ. මේ ගීතය රචනා කළේ,ප්‍රියංමදා පෙරේරා. සංගීතය කළේ,අශාන් ප්‍රනාන්දු.

මම සින්දු කියන්නේ විනෝදාංශයට - ඉඳුනිල් මනෝජ්

මගේ “හිතුවක්කාරයා” ගීතයේ ටේ්‍රලර් එක නම් මේ වෙනකොට එළි දක්වලයි තියෙන්නේ. ඒ ගීතය පද රචනා කලේ, මංගලී දිසානායක. සංගීතය කළේ, සතීස් සුරේන්ද්‍ර ඒකනායක.මම ගියවර ලංකාවට ආපු වෙලාවේ අනුරාධපුර ,තඹුත්තේගම දී තමයි පළමුවරට ඒ අය මුණ ගැහුණේ සහ ඒ වෙලාවේ තමයි අපි රෙකෝඩින් එකත් කලේ.

ඉතින් ආච්චිගේ සහ සීයගේ ගීත වලට හානි නොවන විදියට රැකගනිමින් මගේ හඬින් ඒ ගීත ගායනා කරන්නත් මම බලාපොරොත්තු වෙනවා. මොකද මුණුපුරා විදිහට මට ඒකට අයිතිය තියෙනවනේ. මේ විදිහට තව තවත් අලුත් නිර්මාණය කරන්න වගේම සමාජයට යම් පණිවිඩයක් ලබා දිය හැකි ආකාරයේ හොඳ විෂුවල් කරන්නත් මම හරිම කැමැත්තෙන් ඉන්නවා.

පාරමී කෞෂිකා

advertistmentadvertistment
advertistmentadvertistment