මයුරගිරි ආරණ්‍යයේ නිධන් හෑරූ බටුගම්මන මාලිමා අපේක්ෂකයා මාට්ටු

412

මහාධිකරණ සේවකයකු ඇතුළු තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

පොලිස් විශේෂ කාර්ය බළකායේ බුත්තල කඳවුරට ලද තොරතුරක් මත මොනරාගල පොලීසියේ සහයෝගය ඇතිව (12දා) සිදුකළ වැටලීමකදී මොනරාගල වැලියාය මයුරගිරි ආරණ්‍ය සේනාසනය අසල නිදන් සෙවීමේ අරමුණෙන් කැණීම් කටයුතු කරමින් සිටි සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අතර වැලියාය පදිංචි මොනරාගල ප්‍රාදේශීය සභාව සඳහා බටුගම්මන කොට්ඨාසය සඳහා තරඟ වදින ජාතික ජනබලවේගයේ 32 හැවිරිදි අපේක්ෂකයෙකු සහ 52 හැවිරිදි ඔහුගේ පියාද මාගන්දනමුල්ල පදිංචි මොනරාගල මහාධිකරණයේ ගබඩා අංශයේ සේවය කරන 42 හැවිරිදි පුද්ගලයෙකුද මොනරාගල දුටුගැමුණු මාවතේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයෙකුද සිටින බව පොලීසිය පවසයි.

සැකකරුවන් සමඟ කැණීම් කටයුතු කිරීම සඳහා ගෙනවිත් තිබූ ලී ඉණිමඟක්, ප්ලාස්ටික් තාච්චියක් සහ උදැල්ලක් පොලීසිය භාරයට ගෙන ඇත.

සැකකරුවන් සහ නඩු භාණ්ඩ මොනරාගල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.

මොනරාගල මූලස්ථාන පොලිස් පරීක්ෂක පී.එස්. චාමින්ද සංජීව, පොලිස් විශේෂ කාර්ය බළකායේ බුත්තල කඳවුරේ උ.පො.ප. සිල්වා යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
බඩල්කුඹුර රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment