මරණය පෙනි පෙනී ජීවිතය යදින ඇෆ්ගන් වැසියෝ

1350

තාලිබාන්වරුන් බලය අල්ලා ගැනීමෙන් පසු කාබුල් නුවර හමීඞ් කාර්සායි ගුවන් තොටුපළ මහා අවුල් ජාලයක් බවට පත්ව තිබේ.

තලේබාන් පාලනයට බියෙන් රටින් පිටවීම සඳහා දහස් ගණන් ඇෆ්ගන් වැසියෝ ගුවන් පථය අසලට රැස්ව සිටිති. මෙයින් සමහරු ගුවන්තොටුපළින් පිටව යන ඇමරිකානු හමුදා ගුවන් යානාවල තටුවල සහ රෝදවල එල්ලීමට උත්සාහ කරන අතර මේ නිසාම පස් දෙනකු ගුවන් යානාවලින් ඇද වැටී මියගොස් ඇත.

මරණය පෙනි පෙනී ජීවිතය යදින ඇෆ්ගන් වැසියෝ

තත්ත්වය පාලනය කිරීම සඳහා ඇමරිකන් හමුදාව අහසට වෙඩි තැබුවත් ගුවන් යානා අසලට පැමිණෙන අය නවත්වා ගැනීමට නො හැකි වී ඇත. සමහරු පවුල් පිටින් නවත්වා ඇති ගුවන් යානා අසල රැඳී සිටිනු දක්නට ලැබේ. මෙය බරපතළ ඛේදවාචකයක් බව විදෙස් විත්ති විචාරකයෝ පවසති.

මේ නිසා ඇමරිකන් හමුදාවට සිය පුරවැසියන් ආරක්ෂිතව පිටමං කිරීමද ප‍්‍රශ්නයක් වී ඇත. විටින් විට කාබුල් ගුවන්තොටුපොළේ වෙඩි හඬ ඇසෙයි. කාබුල් ජනපති මැඳුර අල්ලාගෙන ඇෆ්ගනිස්තානය ඉස්ලාමික රාජ්‍යයක් බවට ප‍්‍රකාශයට පත් කළ තලේබාන් නායකයා වසර අටක් ගොන්තනාබේ කඳවුරේ සිරගතව සිටි අයෙකි.

චතුර පමුණුව
 

advertistmentadvertistment
advertistmentadvertistment