මරණ දඬුවම නියම වූ පේ‍්‍රමලාල් ඇතුළු 3 ක් ඇපෑලෙන් නිදහස්  

335

රත්නපුර මහාධිකරණය විසින් මරණ දණ්ඩනය නියම කොට තිබූ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර පේ‍්‍රමලාල් ජයසේකර මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනා සියලූම අධිචෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණ ඊයේ (31 දා) පෙරවරුවේ නියෝග කළේය.

රත්නපුර මහාධිකරණය විසින් 2020 ජූලි 31 වැනිදා නියම කොට තිබූ මරණිය දණ්ඩන තීන්දු ප‍්‍රකාශය අහෝසි කළ නිශ්ශංක බන්දුල කරුණාරත්න හා රත්නපි‍්‍රය ගුරුසිංහ යන විනිසුරු මඩුල්ල පේ‍්‍රමලාල් ජයසේකර, සබරගමුව පළාත් සභා හිටපු මන්තී‍්‍ර අරුණ නිලන්ත ජයකොඩි සහ කහවත්ත ප‍්‍රාදේශීය සභාවේ සභාපති වජිර දර්ශන ද සිල්වා යන විත්තිකරුවන් තිදෙනා එලෙස නිදොස් කොට නිදහස් කෙරිණි.

මරණ දඬුවම නියම වූ පේ‍්‍රමලාල් ඇතුළු 3 ක්  ඇපෑලෙන් නිදහස්  
ඝාතනයට ලක්වූ ශාන්ත දොඩම්ගොඩ හෙවත් සුනිල් ශාන්ත පෙරේරා

විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ අධිචෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට අපොහොසත් වී ඇති බවත් සිද්ධිය වන අවස්ථාවේදී එකී විත්තිකරුවන් සන්තකයේ ගිනිඅවි තිබූ බව හෝ ඔවුන් එකී වෙඩි තැබීමට සම්බන්ධ බවට පැමිණිල්ල ඔප්පු කොට නොමැති බවත් විනිසුරු මඩුල්ල සිය තීන්දු ප‍්‍රකාශය මගින් පෙන්වා දුන්නේය.

සිය තීන්දුව වහාම රත්නපුර මහාධිකරණයට හා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත යැවීමට ද අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එහිදී වැඩිදුරටත් නියෝග කළේය. 2015 ජනාධිපතිවරණයට විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ මෛති‍්‍රපාල සිරිසේන මහතාට සහාය පළ කිරීම සඳහා කහවත්ත ප‍්‍රදේශයේ පැවති එජාප ප‍්‍රචාරක රැුස්වීමක් සඳහා සැරසිලි කරමින් සිටි පිරිසකට 2015-01-05 වැනිදා වෙඩි ප‍්‍රහාරයක් එල්ල කර සුනිල් ශාන්ත පෙරේරා හෙවත් ශාන්ත දොඩම්ගොඩ ඝාතනය කිරීම සහ කේ. ඩබ්ලිව්. කරුණාදාස සහ මොහොමඞ් හුසේන් ඉල්ෆාන් යන දෙදෙනාට බරපතළ තුවාල සිදු කිරීම ඇතුළු අධි චෝදනා යටතේ නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවක් විභාග කළ රත්නපුර මහාධිකරණය විසින් 2020 ජූලි 31 වැනිදා එම විත්තිකරුවන් තිදෙනාට මරණීය දණ්ඩනය නියම කොට තිබිණි.

රත්නපුර මහාධිකරණය විසින් තමන් තිදෙනා එකී අධිචෝදනාවලට වරදකරුවන් බවට තීන්දු කොට ඇත්තේ වැරදි සහගත ආකාරයෙන් වන බැවින් එකී තීන්දුව අහෝසි කොට තමන් සියලූම අධිචෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා විත්තිකරුවන් තිදෙනා විසින් ගොනු කර තිබූ අභියාචනා පෙත්සම් සම්බන්ධයෙන් පැවැති විභාගයෙන් අනතුරුව අභියාචනාධිකරණය එම නියෝග කළේය. විත්තිකරුවන් විවෘත අධිකරණය හමුවට ඉදිරිපත් කොට නොතිබූ නමුත් මේ වනවිට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින ඔවුන් සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණයේ නිරීක්ෂණය සඳහා ඉදිරිපත් කොට තිබිණි.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පෙනීසිටි අතර නීතිඥ බුද්ධික චන්ද්‍රසේකර, ශාලික ගුණවර්ධන, නිරාන් ඇන්කටෙල්, වජිර රණසිංහ, තුසිත රණසිංහ, සමිති‍්‍ර ඔබේසේකර, යසස් හේවාපතිරණ ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමඟ ජනාධිපති නීතිඥ අනුජ පේ‍්‍රමරත්න, ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි යන මහත්වරු පෙත්සම්කාර පාර්ශ්වය නියෝජය කළහ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment