මරණ වරෙන්තුව සහිත රෝගීන්ට හෙළ වෙද ප‍්‍රතිකාර

777

කිසියම් රෝගයක් නිසා ජීවිතයේ මරණ වරෙන්තුව හෙවත් මියයෑමට ඇති දින ගණන සිහිපත් කරමින් දිවි ගෙවීමට සිදු වුවහොත් එය කෙතරම් වේදනාකාරීදැයි කියා දැනෙන්නේ එවැනි රෝගීන් දුටුවිටදීය. පවතින රෝග තත්ත්වය සුවපත් කරගෙන යළි ජීවිතය ලබන්නට අවස්ථාව උදාකරගත හැකිනම් එය මහත්වූ වාසනාවකි.

 වෛද්‍යතුමනි මරණයේ වරෙන්තුව සමග දිවිගෙවන්නට සිදුව ඇති රෝගීන් ලෙස හ`දුන්වන්නේ කුමන වර්ගයේ රෝග සහිත පුද්ගලයන්ටද?

 සාමාන්‍යයෙන් අපගේ මතකයට එකවර නැෙ`ගන්නේ පිළිකා රෝගයට ගොදුරුවූ රෝගීන්ය. එසේ වී ඇත්තේ වර්තමානයේ පිළිකා රෝග නිසා අසාධ්‍යව දිවිගෙවන රෝගීන් විශාල පිරිසක් ඇති බැවිනි. මෙලෙස ඔවුන් අසාධ්‍යව දිවි ගෙවන්නේ දැනට තමා ප‍්‍රතිකාර ගනු ලබන වෛද්‍ය ක‍්‍රමය තුළ රෝගය සුව කිරීමට තවදුරටත් ප‍්‍රතිකාර නොමැතිවීමය.

 නමුත් පිළිකා රෝගීන්ට අමතරව වකුගඩු ක‍්‍රියාකාරීත්වය දුර්වලවීම නිසා අසාධ්‍ය තත්ත්වයට පත්වූවන් අක්මාවේ සිරෝසිස් හෝ පිළිකා ඇතිවීම නිසා අක්මාවේ ක‍්‍රියාකාරීත්වය දුර්වල වූවන්, හෘදයවස්තුවේ ක‍්‍රියාකාරීත්වය දුර්වල වූවන් ආදී පිරිසද දැනට තමා ප‍්‍රතිකාර ගනු ලබන වෛද්‍ය ක‍්‍රමය තුළින් තවදුරටත් ප‍්‍රතිකාර නැති බව පැවසූ විට ජීවත්වන්නේ මරණ වරෙන්තුව සමගය. මේ අතර තවත් පිරිසක් ගැස්ට‍්‍රයිටීස් රෝගය නිසා ද නිසි ප‍්‍රතිකාර ලබා නොගෙන තම ජීවිත කාලය පුරාම වේදනාවට පත්ව දිවි ගෙවති.

 මෙවැනි රෝග සඳහා බටහිර වෛද්‍ය ක‍්‍රමය යටතේ ප‍්‍රතිකාරගත් බොහෝ රෝගීන්ට ලැබී ඇති අවසන් උපදේශයවී ඇත්තේ තවදුරටත් රෝගය සුවකිරීම සඳහා ප‍්‍රතිකාර නැති බවකි.

 වෛද්‍යතුමනි මෙවැනි රෝගීන් සඳහා ආයුර්වේදයේ සහ පාරම්පරික වෛද්‍ය ක‍්‍රමය තුළ ඇති ප‍්‍රතිකාර මොනවාද?

 ආයුර්වේදය සහ පාරම්පරික හෙළ වෙදකමට අනුව අදාළ වෙද පරපුරට උරුමවූ සුවිශේෂී වෛද්‍ය ප‍්‍රතිකාර ක‍්‍රම බොහෝ තිබෙනවා. ඒ සඳහා භාවිතාකරන විශේෂී ඖෂධ වර්ග සහ ඖෂධ වට්ටෝරු තිබෙනවා. මා මේ සඳහා භාවිතා කරන්නේ අපගේ පාරම්පරික වෙද පරපුර සහ ආයුර්වේද ප‍්‍රතිකාර ක‍්‍රම ඇසුරින් සකස්කරන ඖෂධ සහ ප‍්‍රතිකාර ක‍්‍රමය. අපගේ හෙළ වෙද පරපුර පැවත එන්නේ රාවණා රජතුමාගෙන්, පුලස්ති සෘෂිවරයාගෙන්, මහාකන්දා වැදිපරපුරෙන් සහ ගලේවෙල දේවහූය ද`ඩුබැ`දිරුප්ප ජීව බල වෙද මැ`දුර තුළිනි. මේ අනුව අප රෝගීන් පරීක්ෂාකරන ආකාරයද විශේෂ ආකාරයට සිදුකරනවා. සාමාන්‍යයෙන් හෙළ වෙදකම තුළින් ප‍්‍රතිකාර ගැනීමට එන බොහෝ රෝගීන් බුලත් අතක් ගෙන එනවා. එය අපගේ එක් සිංහල චාරිත‍්‍ර ක‍්‍රමයක් මෙන්ම රෝග ප‍්‍රතිකාර ක‍්‍රමයට ගරු කිරීමක්ද වෙනවා. සාමාන්‍යයෙන් මෙම බුලත් අතක කොළ 17ක් තිබෙනවා. අපගේ පාරම්පරික ප‍්‍රතිකාර ක‍්‍රමයට අනුව සහ සාසංසාරික පුරුද්ද අනුව මෙන්ම රෝගී ප‍්‍රතිකාර තුළින් ලබා ඇති අත්දැකීම් අනුව රෝගියා ගෙන එන බුලත් අතේ කොළ පරීක්ෂාකර රෝගියාගේ රෝග තත්ත්වය හඳුනා ගතහැකියි. අප පවසන එම රෝග ලක්ෂණ සහ රෝගයේ ස්වභාවය රෝගියා මෙතෙක් ප‍්‍රතිකාරගත් වෛද්‍ය ක‍්‍රමය තුළින් ලබාගෙන ඇති වෛද්‍ය පරීක්ෂණ වාර්තා මගිනුත් සඳහන් කර තිබෙනවා.

 මෙලෙස රෝගයේ නිවැරදි තත්ත්වය හඳුනාගත් පසු රෝගියාට ලබාදිය යුතු ප‍්‍රතිකාර ක‍්‍රමය තීරණය කරනවා. මෙහිදී රෝගීන්ට ඉතා කෙටි කාලයක් තුළ ප‍්‍රතිකාර ලබාදිය යුතුයි. පවතින රෝගයේ ස්වභාවය අනුව ඔවුන් සිටින්නේ ඉතා අසාධ්‍යව. එනිසා දිගුකාලීන ප‍්‍රතිකාර නොව කෙටි කාලයකින් ඉක්මන් සුවය ලබාදෙන ඖෂධ වර්ග ලබා දිය යුතුයි. මෙම රෝගීන් බොහෝ පිරිසක් වෙනත් ප‍්‍රතිකාර වෙත ගොස් දිගු කාලයක් ප‍්‍රතිකාර ලබාගෙන බලාපොරොත්තු සුන්ව සිටින අයයි. එහිදී දින 16 බෙහෙත් වට්ටෝරු 01ත් 16ත් අතර ප‍්‍රමාණයක් ලබාදීම සිදුකරනවා. ඉන් ඇතැම් රෝගීන් පළමු වට්ටෝරුවෙන්ම සුවය ලබනවා. මෙවැනි අවස්ථාවන්හිදී අප ලබා දෙන්නේ  රෝගියාගේ රෝග තත්ත්වයට අනුව වැඩි බෙහෙත් ප‍්‍රමාණයක් සහිත ඖෂධ වට්ටෝරු මත සකස් කළ ඖෂධ ප‍්‍රතිකාරය. එමගින් ඉතා කෙටි කාලයකින් රෝගය සුවපත් කළ හැකියි.

 ඊට අමතරව අපගේ හෙළ වෙදකමේ ඇති ඉතා ප‍්‍රභල ඖෂධයක් වන රස බෙහෙත් ප‍්‍රතිකාරය භාවිතා කරනවා. මෙම ප‍්‍රතිකාර ක‍්‍රමය රෝග සුවවීම පමාවී ඇති සහ බරපතළ මට්ටමේ පවතින රෝග සඳහා ඉතා කෙටි කාලයක් තුළ ඉහළ ප‍්‍රතිඵල ලබාදෙන බව අප රෝගීන්ට සිදුකරන ප‍්‍රතිකාර මගින්ම අත්දැකීම් ලබා තිබෙනවා.

 මෙම රස ඖෂධ නිපදවීම සඳහා යොදාගන්නේ ඉතා ප‍්‍රභල ක‍්‍රියාකාරීත්වයක් සහිත බෙහෙත් වර්ග කිහිපයකි. එනම් රසදිය, ගෙන්දගම්, මනෝසීල, සාදිලිංගම්, රන්හිරිහල් ආදී බෙහෙත් වර්ගය. මේවා පාරතීව ද්‍රව්‍ය ලෙස පවසනවා. එසේම මෙම බෙහෙත් කෙලින්ම රෝගියාට භාවිතා කරන්න බැහැ. ඒවා ශෝධන සහ මාරන යන ක‍්‍රම භාවිතාකර පිරිසිදු කරගත යුතුයි. එසේම මෙම රස ඖෂධ සඳහා භාවිතා කරන බෙහෙත් ද්‍රව්‍යවල මිලත් අධිකයි.

 මෙම රස ඖෂධ පිළිකා රෝග සඳහා බහුලව භාවිතා කරනවා. ඉන් රෝගීන් සුවපත්වීම ද ඉතා ඉහළ මට්ටමක පවතිනවා. ඊට අමතරව අනෙකුත් රෝගවලදී ඉක්මන් සුවය සඳහාත් මෙම රස ඖෂධ ප‍්‍රතිකාර යොදාගන්නවා.

 ඇතැම් රෝගීන්ගේ කර්ම ශක්තිය අනුව සහ ඔවුනට බලපා ඇති භූත දෝෂ නිසා සාර්ථක ප‍්‍රතිඵල නොලැබෙන අවස්ථාත් තියෙනවා. එනිසා එවැනි රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමේදී ශාන්තිකර්ම ආදියත් සිදු කිරීමට වෙනවා. මේ අතර ඔවුනගේ කර්ම ශක්තියේ ඇති දුර්වලතා නිසා ප‍්‍රතිඵල සාර්ථක වන්නේ නැහැ. එවැනි රෝගීන් ඉතා සුළු පිරිසකුත් සිටිනවා. නමුත් මරණ වරෙන්තු සහිතව එන බහුතරයක් රෝගීන්ගේ එම වරෙන්තුවෙන් මිදී නිරෝගී සුවය ලබනවා.

 වෛද්‍යවරුන් ලෙස අපගේ වගකීම වන්නේ රෝගීන් සුවපත් කිරීමයි. එසේම රෝගියාට ඉක්මන් සුවයක් ලබාදීමයි. පාරම්පරික හෙළ වෙදකම තුළින් අප සිදුකරන්නේ එම යුතුකමය.

මරණ වරෙන්තුව සහිත රෝගීන්ට හෙළ වෙද ප‍්‍රතිකාර

advertistmentadvertistment
advertistmentadvertistment