මරණ 15යි – රඹුක්කන නායයෑමෙන් මවක්, දියණියෝ 2ක් මියයති – වෙන්නොරුවේ තරුණියක් පස් කන්දකට බිලි

373

අධික වැසි සමග ඇතිවී තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ඊයේ (09 වැනිදා) දහවල් වන විට පුද්ගලයන් පහළොස් දෙනකු  මියගොස් පස් දෙනකු තුවාල ලබා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ස`දහන් කළේය.

 මේ අතරින් පුද්ගලයන් පස් දෙනකු දියේ ගිලීමෙන් මියගොස් තිබුණු අතර නායයෑම්වලින් සිව් දෙනකු සහ අකුණසර වැදීමෙන් දෙදෙනකු මරණයට පත්ව ඇත.

මරණ 15යි - රඹුක්කන නායයෑමෙන් මවක්, දියණියෝ 2ක් මියයති - වෙන්නොරුවේ තරුණියක් පස් කන්දකට බිලි

රඹුක්කන දොඹේ මඬේ දහම්බැද්ද ප‍්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් එකම පවුලේ මව, දියණිය සහ ඥාති දියණියක මරණයට පත්වූ බව ඊයේ පෙරවරුවේ වාර්තා විය. නාරම්මල වෙන්නොරුව ප‍්‍රදේශයේ නිවසකට පස් කන්දක් කඩා වැටීමෙන් 23 හැවිරිදි තරුණියක මරණයට පත්ව තිබිණි.

 රඹුක්කන ප‍්‍රදේශයේදී නිවස මතට පස්කන්දක් කඩා වැටීමෙන් මරණයට පත්ව ඇත්තේ ජවරංගේ සුරංගිකා ලක්මිණි මාරසිංහ (36*, ඇගේ දියණිය වන දියුණුගල්ගේ කසුණි භාග්‍යා මාරසිංහ (08* සහ ඥාති දියණියක වූ රාජාංගණයේ සිට එම නිවසට පැමිණ සිටි මධුෂිකා (13) බවට හඳුනාගෙන තිබේ.


අනතුර සිදුවන අවස්ථාවේ එම නිවසේ සිටි මියගිය කසුණි භාග්‍යා දැරියගේ පියා වන දියුණුගල්ගේ සුදත් යන අය බරපතළ තුවාල ලබා සිටියදී සහන කණ්ඩායම් මගින් බේරා ගැනීමෙන් පසු කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇත.

 අවදානමක් පවතින හෙයින් එම නිවසින් ඉවත් වන ලෙස මියගිය මියගිය අයට පෙරේදා (08දා* පස්වරුවේ දැනුම් දුන් බව කෑගල්ල ආපදා කළමනාකරණ ඒකකය ස`දහන් කළේය. කෙසේ වෙතත් නායගිය පස් කන්ද මත ජීවත් වූ ජනතාවට වෙනත් ස්ථානවලින් ඉඩම් ලබාදී එම ස්ථානයෙන් ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කර ඇතත් පස් කන්ද පාමුල සිටි මෙම පවුලේ අයට අවදානමක් නොමැති බවට දැනුම් දීම නිසා ඔවුන් ඉවත් නොවුණ බව ප‍්‍රදේශවාසියෙක් ස`දහන් කළේය.

මරණ 15යි - රඹුක්කන නායයෑමෙන් මවක්, දියණියෝ 2ක් මියයති - වෙන්නොරුවේ තරුණියක් පස් කන්දකට බිලි

මේ අතර නාරම්මල ප‍්‍රදේශයේදී නිවස මතට පස් කන්දක් කඩා වැටීමෙන් මරණයට පත්වූ 23 හැවිරිදි තරුණිය කොළඹ පෞද්ගලික රෝහලක හෙද නිලධාරිනියක් ලෙස සේවය කරන අයකු බව පොලිසිය ස`දහන් කරයි. අනතුර සිදුවන අවස්ථාවේ මියගිය තරුණියගේ මව සහ සොහොයුරා එම නිවසේ සිට ඇතත් ඔවුන්ට අනතුරක් සිදුව නැත.

 අඛණ්ඩව ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් දිවයිනේ ප‍්‍රදේශ රැුසක් ඊයේ වන විට ගංවතුරෙන් යටවී තිබුණු අතර එයින් පුද්ගලයන් 7167 දෙනකු පීඩාවට පත්ව සිටි බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඊයේ පස්වරුවේ නිවේදනය කළේය.

මරණ 15යි - රඹුක්කන නායයෑමෙන් මවක්, දියණියෝ 2ක් මියයති - වෙන්නොරුවේ තරුණියක් පස් කන්දකට බිලි

වර්ෂාවෙන් දිස්ති‍්‍රක්ක 16 ක ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 78 කට බලපෑම් එල්ල වී තිබෙන බවද ස`දහන් කෙරිණි.

 මේ තත්ත්වය තුළ ඉදිරියේදී විශාල ගංවතුර තර්ජන ඇති විය හැකි බව ස`දහන් කරමින් තවත් ප‍්‍රදේශ රැසට රතු නිවේදන නිකුත් කිරීමටද වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබිණි.

මරණ 15යි - රඹුක්කන නායයෑමෙන් මවක්, දියණියෝ 2ක් මියයති - වෙන්නොරුවේ තරුණියක් පස් කන්දකට බිලි

මහ ඔයේ ජල මට්ටම පිටාර මට්ටම දක්වා පැමිණ ඇති බැවින් අලව්ව, දිවුලපිටිය, මීරිගම, පන්නල, වෙන්නප්පුව, මීගමුව, කටාන, නාරම්මල සහ දංකොටුව යන ප‍්‍රාදේශීය ලේකම් බල ප‍්‍රදේශවල පහත් බිම්වල පදිංචි ජනතාවට කල්පනාකාරීව ප‍්‍රවේශමෙන් සිටින ලෙස අනතුරු ඇ`ගවීමටද එම දෙපාර්තමේන්තුව කටයුතු කරනු ලැබීය.

 වැසි තත්ත්වයත් සම`ග කෝට්ටේ ප‍්‍රාදේශීය ලේකම් බලප‍්‍රදේශයට අයත් බුද්ගමුව සහ පුත්තලම, මුන්දලම, මදුරන්කුලිය සහ හලාවත ප‍්‍රදේශවලට දැඩි ගංවතුර තත්ත්වයක් ඇතිවී තිබෙන බවද ඊයේ පස්වරුව වන විට වාර්තා විය.

 හලාවත ප‍්‍රදේශයේ විශාලතම වැව වන කරවිට වැව සහ තිඹිල්ල වැව පිටාර ගැලීමෙන් ග‍්‍රාම නිලධාරී වසම් 15 කට ගංවතුර තත්ත්වය බලපා ඇති අතර දෙදිනක් පුරා ඇදහැලෙ මහ වැසි තවදුරටත් පතිත වුවහොත් එම ප‍්‍රදේශයට විශාල බලපෑමක් ඇති වනු ඇතැයි ද ස`දහන් විය.

 පිටාර මට්ටමේ පවතින මහ ඔයේ ජල මට්ටම තවදුරටත් ඉහළ ගියහොත් කුරුණෑගල සහ ගම්පහ දිස්ති‍්‍රක්කවල පහත් බිම්වලට විශාල බලපෑම් එල්ලවනු ඇතැයිද වාරිමාර්ග දේපාර්තමේන්තුව ස`දහන් කළේය.

මරණ 15යි - රඹුක්කන නායයෑමෙන් මවක්, දියණියෝ 2ක් මියයති - වෙන්නොරුවේ තරුණියක් පස් කන්දකට බිලි

මේ අතර ගිනිකොනදිග බෙංගාල බොක්ක ප‍්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වෙමින් තිබෙන බැවින් පවතින වැසි තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බව කාලගුණ විiා දෙපාර්තමේන්තුව ඊයේ සවස වන විට නිවේදනය කළේය.

 ගිනිකොනදිග බෙංගාල බොක්ක ප‍්‍රදේශයේ වර්ධනය වෙමින් පවතින අඩු පීඩන තත්ත්වය ඉදිරි පැය 36 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී මෙරට උතුරු වෙරළාසන්නයෙන් තමිල්නාඩු වෙරළට ළ`ගා වනු ඇතැයිද කාලගුණ විiා දෙපාර්තමේන්තුව ස`දහන් කළේය.

 මේ තත්ත්වය තුළ ගිනිකොනදිග බෙංගාල බොක්ක ප‍්‍රදේශයේ සහ දිවයින වටා ගැඹුරු නොගැඹුරු මුහුදු ප‍්‍රදේශයන්හි ධීවර සහ නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙසද එම දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික අංශවලට අනතුරු ඇ`ගවීම් සිදු කළේය.

 උතුර, වයඹ, බස්නාහිර, සබරගමුව පළාත් සහ අනුරාධපුර, ති‍්‍රකුණාමලය, නුවර, නුවරඑළිය දිස්ති‍්‍රක්කවලට ඉදිරියේදී මිලිමීටර් 150 ඉක්මවූ සහ මාතලේ, පොලොන්නරුව, ගාල්ල සහ මාතර දිස්ත‍්‍රක්කවලට 100 දක්වා වූ වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව අනාවරණය කළේය.

 සමන් ගමගේ,කෑගල්ල – එම්.බී. පහලවත්ත මහරච්චිමුල්ල – සිසිර සරත් අබේකෝන් වසන්ත සමයවර්ධන-බුලත්කොහුපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment