මරණ 25යි – රතු ප‍්‍රදේශවලින් ඉවත් නොවුණොත් පොලිසිය යොදවයි

550

* පවුල් 17481කට අයත් 62247ක් පීඩාවට

* මියගිය අයකු වෙනුවෙන් 2,50000 බැගින් වන්ද

මරණ 25යි - රතු ප‍්‍රදේශවලින් ඉවත් නොවුණොත් පොලිසිය යොදවයි

රතු නිවේදන නිකුත් කර ඇති අවදානම් ප‍්‍රදේශවල පදිංචිව සිටින පිරිස් එම ස්ථානවලින් ඉවත් වීමට කටයුතු නොකරන්නේ නම් අධිකරණ කි‍්‍රයාමාර්ග ගෙන පොලිසිය යොදවා බලහත්කාරයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ පැවසීය.

කැමැත්තෙන් හෝ අකමැත්තෙන් වුව මහජන ආරක්‍ෂාව සුරක්‍ෂිත කිරීම රජයේ වගකීම බව ද කී ජෙනරාල්වරයා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කර පොලිස්පතිවරයා දැනුවත් කර අවශ්‍ය පියවර ගැනීම ස`දහා දිසාපතිවරුන්ට බලය පවරා තිබෙන බව ද කීය.

මරණ 25යි - රතු ප‍්‍රදේශවලින් ඉවත් නොවුණොත් පොලිසිය යොදවයි

‘ආපදා අවදානම අවම කිරීම’ යනුවෙන් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (10 වැනිදා) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී සුදන්ත රණසිංහ මහතා මේ බව සදහන් කළේය.

පවතින අධික වර්ෂාවත් සමග පසුගිය දින දහයක කාලයේ දී මෙරට දිස්ති‍්‍රක්ක 17කට අයත් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල කොට්ඨාස 126කට මෙම ආපදා තත්ත්වය බලපෑ බව ද කී ඒ මහතා එහිදී මේ වන විට පුද්ගලයන් 20දෙනකු මියගොස් පස්දෙනකු තුවාල ලබා ඇති අතර එක් අයකු අතුරුදන් වී තිබෙන බව ද හෙතෙම පැවසීය.

වත්මන් කොවිඞ් වසංගත තත්ත්වය හමුවේ පදිංචි ස්ථානවලින් ඉවත් වන පුද්ගලයන්ට හැකියාවක් තිබේ නම් තම ඥාතීන්ගේ හෝ මිතුරන්ගේ නිවෙස් වෙත යන ලෙස දැනුම් දී තිබෙන අතර ඒ අනුව මේ වන විට පවුල් 1020කට අයත් පුද්ගලයන් 3537දෙනකු එලෙස කටයුතු කර ඇති බව ද මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ ස`දහන් කළේය.

රජය මගින් ආපදාවට පත්වූවන් ස`දහා සුරක්‍ෂිත මධ්‍යස්ථාන 23ක් ස්ථාපිත කර ඇති අතර ඒවායෙහි පවුල් 384කට අයත් පුද්ගලයන් 1498දෙනකු රැු`දී සිටින බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

අයහපත් කාලගුණ තත්ත්වයත් සමග පවුල් 17481කට අයත් පුද්ගලයන් 62247දෙනකු පීඩාවට පත්ව සිටින බව ද කී ඒ මහතා නිවාස 18 ක් පූර්ණ වශයෙන් හානි වී නිවාස 960කට අර්ධ හානි සිදුව තිබෙන බව ද ස`දහන් කළේය.

සිදුව ඇති මරණවලින් මරණ 13ක් සිදුව ඇත්තේ දියේ ගිලීමෙන් වන අතර ඒ සියලූම මරණවලට හේතුව වී තිබෙන්නේ අවදානම නොතකා අපරික්‍ෂාකාරී අන්දමින් කටයුතු කිරීම බව ද මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ පැවසීය.

මෙම ආපදා තත්ත්වයෙන් මියගිය පුද්ගලයකු ස`දහා රජය මගින් රුපියල් දෙලක්‍ෂ පනස් දහසක වන්දි මුදලක් ලබා දීමට තීරණය කර ඇති බවත් තුවාලවූවන් ස`දහා ස්වභාවය අනුව වන්දි මුදලක් ලබාදීමට කටයුතු කරන බවත් වැඩිදුරටත් කී මේජර් ජෙනරාල්වරයා අදාළ වන්දි ලබාදීම දිස්ති‍්‍රක් ලේකම්වරුන් මගින් සිදු කරන බව ද සඳහන් කළේය.

අයහපත් කාලගුණය හමුවේ සිදුවූ මරණ අතරට තම පුතු උපකාරක පන්තියකට රැුගෙන ගොස් යළි පැමිණෙමින් සිටියදී කුලියාපිටිය පරණගම ඔයේ සැඩපහරට හසුවී කුලියාපිටිය, විලපොල ප‍්‍රදේශයේ පදිංචිව සිටි පිය පුතු දෙදෙනකු ජීවිතක්‍ෂයට පත්වූ සිද්ධියක් ද ඊයේ වාර්තා විය.

වයස අවුරුදු 38 ක් වූ පියා සහ 09 හැවිරිදි පුතු මෙසේ සැඩපහරට ගසාගෙන ගොස් තිබුණු අතර යුද හමුදාව, පොලිසිය හා ප‍්‍රදේශවාසීන් එක්ව සිදු කළ මෙහෙයුමකින් පසු මියගිය දරුවාගේ මළ සිරුර ඊයේ (10 වැනිදා) දහවල් සොයාගනු ලැබීය. පියාගේ සිරුර පෙරේදා (09 වැනිදා* සොයාගෙන තිබිණි.

ගංවතුර සමග ඇති වූ සැඩපහරේ ගසාගෙන එන පොල් ඇහිඳිමින් සිටි කුලියාපිටිය වීරඹුව ප‍්‍රදේශයේ පුද්ගලයකු ද සැඩපහරට හසුව ගසාගෙන ගොස් මරණයට පත්ව ඇත.

මේ අතර ගලිගමුව දේවාලේගම පුස්සැල්ල ප‍්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් ඊයේ අලූයම නිවසේ සිටි පියා සහ පුතා අතුරුදන්ව මව බරපතළ තුවාල ලබා තිබිණි.

තුවාල ලැබූ මව කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇත. රිදීගම දොඩම්ගස්ලන්ද කොරොස්ස ප‍්‍රදේශයේ නිවසක් මගට පස් කන්දක් කඩා වැටීමෙන් එම නිවසේ සිටි මහලූ අඹු සැමි යුවළක් මරණයට පත්වීමේ සිද්ධියක් ද ඊයේ වාර්තා විය.
 

advertistmentadvertistment
advertistmentadvertistment