මරණ 6 ක්: ගංගා, ඔය 10 ක ජල මට්ටම ජල මට්ටම ඉහළට – 891ක් පීඩාවට: වැඩිම බලපෑම බදුල්ලට

395

පවතින අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් ගංගා ද්‍රෝණි 10 ක ජල මට්ටම ඉහළ යෑමේ අවදානමක් පවතින නිසා ඒවා අවට පහත්බිම්වල සිටින ජනතාව දැඩි අවධානයක් සිටින ලෙස වාරිමාර්ග අධ්‍යක්‍ෂ (ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ) එස්. පී. සී. සුගීශ්වර මහතා ඊයේ (08 දා) ඉල්ලා සිටියේය.

ජල මට්ටම ඉහළ යෑමේ තත්ත්වය කලාඔය, දැදුරු ඔය, මහවැලි, බෙන්තර, කැලණි, කළු, නිල්වලා යන ගංගා මහඔය සහ අත්තනගලූ ඔය මෙසේ ජල මට්ටම ඉහළ යමින් පැවති ගංගා ද්‍රෝණි බවද ඒ මහතා කීය.

කළු ග`ග ද්‍රෝණියට ලැබුණු වර්ෂාපතනය හේතු කොටගෙන කුකුලේ ග`ග සහ කුඩා ගෙ`ග් ජල මට්ටම ඉහළ ගොස් ඇති බවද ඒ හේතුවෙන් කලවැල්ලාව ආසන්නයේ පිහිටි මිල්ලකන්ද ජල මැනුම් ස්ථානයේ ජල මට්ටම ඊයේ දහවල් වන විට මීටර් 07.25 දක්වා ඉහළ ගොස් තිබූ බවද ඔහු කීය.

මේ තත්ත්වය මත කළු ග`ග ද්‍රෝණියේ බුලත්සිංහල, බදුරලිය, පාලින්ද නුවර, මිල්ලනිය, හොරණ, දොඩන්ගොඩ සහ කළුතර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු අ`ගවා ඇතැයිද ඔහු කීය. මෙම ප‍්‍රදේශවල පහත් බිම් හරහා වැටී ඇති මාර්ග භාවිත කරන රියැදුරන්ද මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවිය යුතු බවද ඔහු කීය.

අත්තනගලූ ඔයේ ජල මට්ටමද ඉහළ යමින් පවතින නිසා තිහාරිය ආසන්නයේ දූනමලේ ජල මිම්ම මීටර් 4.95 ක් දක්වා ඉහළ ගොස් ඇති බවද ඔහු කීය. අත්තනගලූ ඔය පිටාර ගැලීමකට ලක්වුවහොත් ගම්පහ සහ ජා ඇල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත්බිම් කිහිපයක සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාව පවතින බවද ඒ මහතා වැඩිදුරටත් කීය.

මේ අතර දිස්ත‍්‍රික්ක 13 කට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඊයේ (8) සවස වනවිට පුද්ගල මරණ 06 ක් වාර්තා වී ඇති අතර පවුල් 249 කට අයත් පුද්ගලයන් 891 ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

අයහපත් කාලගුණයෙන් බදුල්ල, නුවරඑළිය, මාතලේ, කළුතර, මහනුවර, යාපනය, පුත්තලම, රත්නපුර, කෑගල්ල, මුලතිව්, කොළඹ ගාල්ල, ත‍්‍රිකුණාමලය සහ මන්නාරම දිස්ත‍්‍රික්කවල ජනතාව වැඩි වශයෙන් පීඩාවට පත්ව තිබේ.

වාර්තා වූ මරණ අතුරින් 03 දෙනකු බදුල්ලෙන්ද මාතලේ, පුත්තලම සහ කෑගල්ල එක් අයෙකු බැගින්ද වාර්තා වී ඇත. ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා ඇත. පූර්ණ නිවාස හානි 06 ක්ද අර්ධ වශයෙන් නිවස හානි 635 ක්ද වාර්තා වී ඇත. වැඩිම බලපෑමක් සිදුව ඇත්තේ බදුල්ල දිස්ත‍්‍රික්කයට වේ. එහි මියයෑම් 03 ක්, නිවාස පූර්ණ හානි 11 ක්, නිවාස අර්ධහානි 534 ක් වාර්තා වී තිබේ.

බලපෑමට ලක්වූ පවුල් 63 කට අයත් පුද්ගලයන් 251 ක් ආරක්‍ෂිත ස්ථාන 09 ක රඳවා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා ‘‘දිවයින’’ට ඊයේ (08 දා) පැවසීය.

චමින්ද සිල්වා සහ විජයසිරි විද්‍යාසේකර- – කළුතර

advertistmentadvertistment
advertistmentadvertistment