මරදානේ සත්‍යග්‍රහයට පහරදුන් මැරයෝ රිමාන්ඩ් – පොලිසිය අතුරින් සමහර මැරයෝ ආවා මරදානේ පහරදීමට පොලිසිය ඉඩදුන්නා

322

නීතිඥ මනෝජ් නානායක්කාර
අරගලයේ ක්‍රියාකාරීහු 3ක් නිදහස්

මරදානේ සත්‍යග්‍රහයට පහරදුන් මැරයෝ රිමාන්ඩ් - පොලිසිය අතුරින් සමහර මැරයෝ ආවා මරදානේ පහරදීමට පොලිසිය ඉඩදුන්නා

මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිටදී පසුගිය 3 වැනිදා පැවති නිදහස සත්‍යග්‍රහයේදී කලහකාරී ලෙස හැසිරීම ඇතුළු චෝදනා යටතේ අධිකරණයට ඉදිරිපත් කළ මැර කල්ලි සාමාජිකයන් යැයි කියන සැකකරුවන් තිදෙනකු ලබන 17 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළ මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය එම චෝදනා යටතේ පවරා තිබූ නඩුවේ සැකකරුවන් ලෙස නම්කොට තිබූ පියත් නිකේෂල ඇතුළු අරගලයේ ක්‍රියාකාරීන් තිදෙනකු චෝදනාවලින් මුදාහැරීමට නියෝග කළේය.

මරදානේ සත්‍යග්‍රහයට පහරදුන් මැරයෝ රිමාන්ඩ් - පොලිසිය අතුරින් සමහර මැරයෝ ආවා මරදානේ පහරදීමට පොලිසිය ඉඩදුන්නා

අරගලකරුවන් සහ සමාජ ක්‍රියාකාරීන් ඇතුළු වාත්තීය සමිති ක්‍රියාකාරීන් පිරිසක් සත්‍යග්‍රහයක නිරතව සිටියදී එය විසුරුවාහැරීමට පොලිසිය උත්සාහ දරන විට පොලිසියට මුවා වී කඩාවැදුණු පෙර කී සැකකරුවන් තිදෙනා ඇතුළු මැර පිරිසක් අරගලකරුවන්ට පහර දුන්නා මිස අරගලකරුවන් කිසිදු අයුරකින් කලහකාරී ලෙස නොහැසුරුනු බව පෙන්වා දෙමින් නීතිඥ නුවන් බෝපගේ මහතා ඇතුළු නීතිඥ මඬුල්ල කළ කරුණු දැක්වීම් සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය එම නියෝගය කළාය.

මරදානේ සත්‍යග්‍රහයට පහරදුන් මැරයෝ රිමාන්ඩ් - පොලිසිය අතුරින් සමහර මැරයෝ ආවා මරදානේ පහරදීමට පොලිසිය ඉඩදුන්නා

මේ අතර මහජන පීඩාවක් වන පරිදි හා මංමාවත් පනත උල්ලංඝනය කරමින් නීති විරෝධී අන්දමින් සත්‍යග්‍රහයක නිරත වීම ඇතුළු චෝදනා යටතේ පෙර කී අරගලයේ ක්‍රියාකාරීන් තිදෙනා ඇතුළු සිවුදෙනකුට එරෙහිව මරදාන පොලිසිය විසින් තවත් නඩුවක් ගොනුකර තිබුණි. අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකාරිය ඇතුළු සැකකරුවන් තිදෙනකු හා පහරකෑමට ලක්ව රෝහල්ගත කර සිටි සෙසු සැකකරු රුපියල් ලක්‍ෂය බැගින් වූ පුද්ගලික අප බැඳුම්කර මත මුදාහැරීමට ද මහෙස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කළාය.

එම නඩුව ලබන මාර්තු 17 වැනිදා යළි කැඳවීමට ද මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

රට මහත් ආර්ථික ව්‍යසනයකට ලක්වී තිබියදී අති විශාල මුදලක් වැයකර 75 වැනි ජාතික නිදහස් දින සැමරුම උත්සවාකාරයෙන් දෙස් විදෙස් ආරාධිත අමුත්තන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නිරෝධය දැක්වීම සඳහා එම සත්‍යග්‍රහය සංවිධානය කොට තිබූ බව නීතිඥ නුවන් බෝපගේ, අමිල එගොඩවත්ත, මනෝජ් නානායක්කාර ඇතුළු නීතිඥවරුන් අධිකරණයට පෙන්වා දුන්හ.

නිදහස් උත්සවය පැවැත්වෙන අවස්ථාවේදී කොළඹ නගරයේ මාර්ග කිහිපයක් ඔස්සේ ගාලු මුවදොර පිටියට විරෝධතාකරුවන් පැමිණෙන බවට බුද්ධි තොරතුරු ලැබී ඇති හෙයින් ඒවා වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි කුරුඳුවත්ත පොලිසිය පසුගිය 3 වැනිදා කර තිබූ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ප්‍රතික්‍ෂේප කොට තිබිණි. රටේ ජනතාවට නිදහසේ රැස් වී අදහස් දැක්වීමට නිදහස ඇති බවත් සෑම රැස්වීමක් ම උද්ඝෝෂණයක් නොවන බවත් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කරමින් පෙන්වා දී තිබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක

පොලිසිය අතුරින් සමහර මැරයෝ ආවා මරදානේ පහරදීමට පොලිසිය ඉඩදුන්නා – නීතිඥ මනෝජ් නානායක්කාර

“පාතාලයට සම්බන්ධ මැර කණ්ඩායමක් නාගරික මන්ත්‍රීවරයකු හරහා මරදාන සත්‍යග්‍රහ ව්‍යාපාරයට පහර දෙන්න සූදානමක් තියෙනවා කියලා අපට තොරතුරු ලැබී තිබුණා” යැයි නීතිඥ මනෝජ් නානායක්කාර මහතා පැවැසීය.

මරදාන එල්ෆින්ස්ටන් රඟහල අසල පැවැති සත්‍යග්‍රහයට 03 වැනිදා රාත්‍රියේ පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් කොළඹදී පෙරේදා (04 දා) පැවැති මාධ්‍ය හමුවේදී ඔහු එසේ කීය.

මෙහිදී තවදුරටත් කතා කළ නීතිඥ මනෝජ් නානායක්කාර මහතා මෙසේද කියා සිටියේය.

“මේ මැර පිරිස පහරදෙන අවස්ථාවේ ඒ ස්ථානයේ සිටි සියලු පොලිස් නිලධාරීන් පසුබැස්සා. පොලිස් ජීප් රථ 3 ක් සිව්මං හන්දියේ නතර කරගෙන හිටියා. මේ ඡායාරූප තියෙනවා එක එක්කෙනා කව්ද මේවායේ හිටියේ කියලා. මේ අය එන්නේ පොලිසියේ ආශිර්වාදය සහිතව. සමහර පිරිස් පොලිසිය අතරින් ඇවිල්ලා තමයි මේ පහරදීම කළේ. පොලිසිය මොකක්ද කළේ. ඔවුන්ව එතැන තියලා සත්‍යග්‍රහයේ හිටපු පිරිසට ජල හා කඳුළු ගෑස් ගහලා, බැටන් ප්‍රහාර එල්ල කරලා ඔවුන් පලවා හරින්න කටයුතු කළා.

වෙනසක තාරුණ්‍යයේ ජාතික සංවිධායක ළහිරු වීරසේකර

මැයි 09 වැනිදා හා ජූලි 22 වැනිදා අත්දැකීම් ඊයේ ගන්න පුළුවන් වුණා තවත් විදිහකට. මැරයන්ට ආරක්‍ෂාව දීලා පොලිසිය ගහනවා සාමකාමී විරෝධතාවයට. අරගලකරුවන් විසිරුණාට පස්සේ ඒ අරගලකරවන් හිඳියි කියලා හිතපු කාර්යාලවලට පොලිසියෙන් ගියා. ජෝෂප් ස්ටාලින් සහෝදරයාට ඊයේ රෑ 11 ත් පහුවෙලා උසාවි නියෝගයක් ගෙනැල්ලා භාර දුන්නා. තවත් සහෝදරවරුන් හිටපු කාර්යාල ගණනාවකට පොලිසියෙන්, හමුදාවෙන්, කැරලි මර්දනයෙන් යනවා. අපේ දරුවාට ඉස්කෝලෙ යන්න විදිහක් නැත්නම්, අපිට

බෙහෙත්ටික ගන්න විදිහක් නැත්නම්, අපිට වැඩ කරලා පඩිය ගන්න නිදහසක් නැත්නම් අපි නිදහස සමරන්නේ මොකටද?
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment