මරන්න ඇවිත් මැරෙයි

542

නිවසකට පැන කාන්තාවකට වෙඩි තබා ඝාතනය කිරිමට තැත් කරන ලද පුද්ගලයෙකු එම කාන්තාවගේ පුතාගේ සහ අසල්වාසින්ගේ පහරකෑමට ලක්ව ඊයේ (31) රාත්‍රි මියගොස් ඇතැයි ඌරගස්මන්හන්දිය පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ කරන්දෙණිය මඩකුඹුර පදිංචි අයි.ඩී.වසන්ත නමැති 50 හැවිරිදි ත්‍රි රෝද රථ රියදුරෙකි.

ඔහු පෙරේදා රාත්‍රි 11.30ට පමණ තවත් අයෙකු සමග යතුරු පැදියකින් ඌරගස්මන්හන්දිය කලුවලගොඩ ප්‍රදේශයේ නිවසකට පැමිණ එහිසිටි 43 හැවිරිදි කාන්තාවට වෙඩි වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කර ඇති අතර එකක් කාන්තාවගේ කකුළටද අනෙක් වෙඩි ප්‍රහාරය බිත්තියකටද වැදි ඇත.

එම අවස්ථාවේ නිවසේ සිටි හමුදා සෙබලෙකු වන ඇයගේ පුතා එම දෙදෙනොට පහරදි ඇති බවත් පසුව අසල්වාසින්ද පැමිණ වෙඩි තැබිමට යොදාගත් බෝර 12 වර්ගයේ ගිනි අවියද කඩා දමා එම දෙදෙනාට පහරදි ඇති බවත් පොලිසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment