මරඳගහමුල සහල් මිල පහළට: සම්බා රු. 30 කින් සහ නාඩු 15 කින් අඩුවෙයි

527

පසුගිය කාලයට සාපේක්‍ෂව මේ වනවිට මරඳගහමුල සහල් වෙළෙඳපොළෙහි සහල් මිල සැලකිය යුතු ප‍්‍රමාණයකින් පහත බැස තිබීම නිසා පාරිභෝගිකයන්ට තරමක අස්වැසිල්ලක් අත්ව තිබේ.

මින් පෙර රුපියල් 160 – 165 – 170 වැනි මිල ගණන්වලට පැවති සම්බා සහල් කිලෝව මේ වනවිට රු. 140 දක්වා පහත බැස ඇතැයි එම වෙළෙඳ ප‍්‍රජාව පවසති. එසේම 150 – 155 වැනි මිල ගණන් යටතේ පැවති නාඩු සහල් කිලෝව 138 / 135 වැනි මට්ටමක පහත බැස ඇති බවද අනාවරණය වේ.

ඒ අතර සතොස මගින් අලෙවි කරනු ලබන ආනයනික සහල් සඳහා ජනතාවගේ වැඩි ඉල්ලූමක් ඇති බවද දැනගන්නට ඇත. පරිභෝජනයට සුදුසු තත්ත්වයක පැවතීමත්, දේශීය සහල් මිලට වඩා විශාල වශයෙන් මිලෙන් අඩුවීම නිසාත් මෙලෙසින් ස.තො.ස. සහලට වැඩි ඉල්ලූමක් ඇති බව පැවසේ. මේ නිසා දේශීය සහල්වලට ඇති ඉල්ලූමද තරමක් පහළ බැස ඇති බව සහල් වෙළෙඳුන් පවසති.

දිවුලපිටිය – අයි. එම්. අබේරත්න

advertistmentadvertistment
advertistmentadvertistment