මර්දනයට එරෙහිව අනිද්දා රටපුරා විරෝධතා – වසන්ත සමරසිංහ

143

මර්දනයට එරෙහිව සිවිල් සංවිධාන, පක්ෂ, වෘත්තීය සමිති ඇතුළු සියලු සංවිධානවල සහභාගිත්වයෙන් ලබන (09 දා) දිවයින පුරා විරෝධතා පවත්වන බව අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා පැවසීය.

විරෝධතාවට අමතරව මෙදින සවස 3.00 ට විහාරමහාදේවි උද්‍යානය අසල සිට රැලියක් පවත්වන බව ද ඒ මහතා කීය. මෙය සියලු පාර්ශ්ව නියෝජනය කරමින් පිරිස් එක්වන බව ද ඔහු කීය. ජනාධිපතිවරයා ඇතුළු රජය විසින් වෘත්තීය නායකයින්, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් ඉලක්ක කරගෙන යන මර්දනකාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවත් එය වහාම හකුළා ගන්නා ලෙසට බලකරමින් විරෝධතාවය පවත්වන බවත් සමරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment