මර්දනයට බිය නොවී ජනතාවට යුක්තිය ඉටු කිරීමට සියලූ දෙනා පෙළගස්වනවා – ඇප ලැබූ දුමින්ද නාගමුව කියයි

150

විවිධ චෝදනා එල්ල කරමින් තමන් ඇතුළු විරුද්ධ දේශපාලන පක්ෂ මර්දනය කිරීමට උත්සාහ ගෙන ඇතැයි ද නමුත් ඒවාට බිය නොවී ජනතා ප‍්‍රශ්න යටකර දමා කටයුතු කිරීමට ඉඩ නොදී ජනතාවට යුක්තිය ඉටු කිරීමට සියලූ දෙනා පෙළගස්වන බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පැවසීය.

ඒ මහතා මෙසේ කියා සිටියේ අත්අඩංගුවට ගෙන අධිකරණය මගින් ඇප ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

බොරැුල්ලේ පැවති මාධ්‍ය සාකච්ඡාවක් අවසන් කරලා යතුරුපැදියේ යන විට තමයි වරෙන්තුවක් තිබෙන බව කියමින් මාව අත්අඩංගුවට ගත්තේ යැයි ද දුමින්ද නාගමුව මහතා ප‍්‍රකාශ කළේය. පොදු දේපළ පනත යටතේ මාව අත්අඩංගුවට ගෙන මේ අය ගත් උත්සාහ ජනතාව තේරුම් ගත යුතුයි. බැඳුම්කර නඩුවේ චුදිතයෝ අද සැප ගන්නවා.

මේ අය බලයට ආවේ පාස්කු ප‍්‍රහාරය පෙන්නලා. නමුත් ඒ ප‍්‍රහාරයේ වින්දිතයන්ට තාමත් සාධාරණයක් ඉටු කරලා නෑ. පොලිසියේ හැසිරීමයි, ජනතාව හසුරවන හැටියි ජනතාව කල්පනා කළ යුතුයි. අපිව තලාගෙන යන්නයි මේ අය හදන්නේ. පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි පක්ෂ මර්දනයක් අරඹලා. මේ අසාධාරණයට එරෙහිව අපි ජනතාව පෙළ ගස්සනවා.

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment