මර්දනය නතර කරන තුරු අරගලය අවසන් කරන්නේ නෑ – ජෝසප් ස්ටාලින්

99

දිගින් දිගටම සිදු කරන මර්දනය සහ අත්අඩංගුවට ගැනීම් නතර කරන තුරු අරගලය අඛණ්ඩවම කරගෙන යන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ‘දිවයින’ ට ඊයේ (09 වැනිදා) පැවසීය.

ජනාධිපති මන්දිරයේ සිට සෙල්ෆි ඡායාරූප ලබාගත් පිරිස රජය මේ වනවිට අත්අංගුවට ගනිමින් සිටින බවත්, මීට පෙර පාර්ලිමේන්තුව තුළදී එහි පොදු දේපළවලට හානි කළ මහජන නියෝජිතයන්ට කිසිදු නීතිමය පියවරක් ගෙන නොමැති බවත් හෙතෙම කියා සිටියේය.

තවදුරටත් කතා කළ ජෝෂප් ස්ටාලින් මහතා මෙසේද පැවසීය.

රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ ආණ්ඩුව මේ වනවිට දිගින් දිගටම ජනතාව මර්දනය කරමින් ඉන්නවා. හඬ නඟන අරගලකරුවන් දිගින් දිගටම අත්අඩංගුවට ගනිමින් ඉන්නවා. ජනාධිපති මන්දිරයේ ඉඳගෙන සෙල්ෆි ගත්තු අයව අත්අඩංගුවට ගනිමින් සිටිනවා. මාවත් අත්අඩංගුවට ගත්තා. මේ මර්දනවලට අපි බය නැහැ. නිකරුණේ අත්අඩංගුවට අරන් රිමාන්ඩ් කරලා හුඟ දෙනෙක් ඉන්නවා. මේ මර්දනයත්, අත්අඩංගුවට ගැනීම් නතර කරන තුරු අපි දිගටම අරගලය කරගෙන යනවා.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment