මරා වහලේ එල්ලනවා කියමින් නිවසට කඩා වැදී මරණීය තර්ජන කළ ව්‍යාපාරිකයාට ගීතා සමාව දෙයි

398

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය මරා වහලේ එල්ලන බව කියමින් මරණීය තර්ජන එල්ල කළ පුද්ගලයකු ඌරුගස්මන්හන්දිය පොලිසිය මගින් පෙරේදා (20 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

එහෙත් මෙම සැකකරුට සමාව දී පැමිණිල්ල ඉවත් කර ගැනීමට ගීතා කුමාරසිංහ මහත්මිය කටයුතු කළාය.

මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණේ ඇල්පිටිය කොටකනත්ත ප‍්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි ව්‍යාපාරිකයෙකි. ණය මුදලක් ලබා නොදීම සම්බන්ධයෙන් උරණ වී ඇති මෙම ව්‍යාපාරිකයා ගීතා කුමාරසිංහ මහත්මියට අයත් හඹුරුගල පිහිටි නිවසට කඩා වැදී මන්ත‍්‍රිවරියට මරණීය තර්ජන එල්ල කර තිබේ.

ණය මුදල් ලබා දෙන්නේ ප‍්‍රදේශයේ අන්ත අසරණ දිළිඳු පවුල්වලට බවට මන්ත‍්‍රිවරිය කරුණු පැහැදිලි කළ ද එය තේරුම් නොගත් ව්‍යාපාරිකයා මන්ත‍්‍රිවරිය ඝාතනය කර වහලේ එල්ලන බව කියමින් තර්ජනය කර ඇත.

පසුව මේ පිළිබඳව මන්ත‍්‍රිවරිය ඌරුගස්මන්හන්දිය පොලිසියට පැමිණිලි කර තිබේ.

අයුතු ඇතුළුවීම, මරණීය තර්ජනය කිරීම යන චෝදනාව යටතේ සැකකාර ව්‍යාපාරිකයා පසුව පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

ණය මුදලක් ලබා දුන්නෙ නැහැ කියන සිද්ධියක් මුල්කරගෙන මේ මනුස්සය මගේ ගෙදරට ඇවිත් මට තර්ජනය කළා මාව මරලා එල්ලනවා කියලා. ඒ තර්ජනය කරපු හැම දෙයක්ම සී සී ටී වීවල රොකෝඞ් වෙලා තිබෙනවා.

ඒත් මෙයාගෙ බිරිඳත් දියණියන් මාව හම්බවෙන්න ඇවිත් හ`ඩා වැලපිලා මගෙන් සමාව ඉල්ලූවා.

මමත් ගැහැනියක්. මට ඒ කාන්තාව ගැනත් දියණිය ගැනත් ගොඩක් දුක හිතුණා. මනුස්සය කරපු වරදට ඒ අහිංසක මිනිස්සු පව්ගෙවන්න ඕනෙ නැහැ. ඒ නිසා මම ඒ මනුස්සයට සමාව දෙන්න තීරණය කළා යැයි ගීතා කුමාරසිංහ මහත්මිය වැඩිදුරටත් කියා සිටියා ය.

හේමන්ත රන්දුණු- ලලිත් චාමින්ද- එස්. කේ. කළුආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment