මරු බිම

121

නිතිපතා අපේ ජීවිත වැලඳ ගත්තේ යුද්ධයේ කුරිරු හස්තයට හසුව තුවාල ලත් සහ මරණයට පත් සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර් ජාතිකත්වයන්ට අයත් අහිංසක ගැහැනු, පිරිමි සහ දරු දැරියන්ගේ ලේ කඳුළු හා දුක් සුසුම්ය. යුද්ධය ඔවුන්ට අපට ඛේදවාචකයක් වුවද, පාලකයන්ටත්, ඊනියා ත්‍රස්තවාදීන්ටත් එය සූදුවක් වන අයුරු දැක ගන්නට එදා අපේ ඇස් පව් කර තිබිණි.

අනුර බී. සෙනෙවිරත්න විසින් රචිත නවතම කෘතිය වන ‘මරුබිම’ නවකතාව සඳහා ඔහු විසින් පෙරවදන සපයා ඇත්තේ ඉහත සඳහන් ආකාරයටය. යුද්ධයක පවතින නිස්සාර බව සහ භයංකරත්වය පිළිබඳ පෙරවදන තුළින් ඉති සපයන නිර්මාණකරු සිය කෘතිය සඳහා පාදක කර ගන්නේ දශක කීපයක් පුරා මෙරට පැවති යුධමය වාතාවරණයක් ඉන් පීඩාවට පත් සාමාන්‍ය ජන ජීවිතයත්ය. කවිය කෙටිකතාව මතු නොව විවිධ මානයන් ඔස්සේ තම නිර්මාණාත්මක ප්‍රතිභාව ජනතාව අතරට ගෙන යෑමට සමත් ලේඛකයෙක් ලෙස නමක් දිනා සිටින අනුර බී, සෙනෙවිරත්න සිය ප්‍රථම නවකතාව පාඨකයන් අතට පත් කරමින් ප්‍රකට කර සිටින්නේ සාහිත්‍ය ශානරයක් ලෙස නවකතාව තුළින් ද තමන් විසින් ඉදිරිගාමී මාවතක් විවර කර ගැනීමට සමත්ව ඇති බවක්ය. සිය අත්දැකීම් ප්‍රකාශ කිරීමේදී රසවත් බසක් සහ නිවැරැදි භාෂා රීතීන් අනුගමනය කරමින් කතා ශරීරය ගොඩනැංවීම පිණිස ලේකකයා විසින් දක්වා ඇති සමත්කම අගය කළ යුතුය. ‘මරුබිම’ ෆාස්ට් පබ්ලිෂින් ප්‍රකාශනයක් ලෙස මුද්‍රණයෙන් නිකුත් කොට ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment