මල්ලවපොරවලට ගිහින් 44ක් රටින් පැනලා

923

ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් ලෝකයේ විවිධ රටවල තරගාවලි ස`දහා ඉදිරිපත් වූ ශ‍්‍රී ලාංකික මල්ලවපොර ක‍්‍රීඩකයන් සහ නිලධාරීන් 44 දෙනකු එම තරගාවලි අතරතුර, කණ්ඩායමෙන් මිදී පලා ගොස් අතුරුදන් වී ඇති බව වර්තමාන ශ‍්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ සභාපති සරත් හේවාවිතාරණ මහතා පැවසීය.

ඒ මහතා එසේ පැවසූවේ ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ නුවරදී පසුගියදා ලෝකයේ රටවල් 72 ක සහභාගිත්වයෙන් පැවති ලෝක මල්ලවපොර ශූරතා තරගාවලියට සහභාගි වීම ස`දහා ශ‍්‍රී ලංකා කණ්ඩායම භාරව රැුගෙන ගොස් සිටි කළමනාකරු කුඩාතන්ත‍්‍රීගේ ඩොනල්ඞ් ඉන්ද්‍රවංශ මහතා එම තරගාවලිය අතරතුර කණ්ඩායමෙන් මිදී පළා යෑම පිළිබඳව සිදු කළ විමසීමකදීය.

එසේ ශ‍්‍රී ලංකාව පාවා දෙමින් ශ‍්‍රී ලංකා මල්ලවපොර කණ්ඩායමෙන් පළා ගිය බොහෝ ක‍්‍රීඩකයන් සහ නිලධාරීන් මේ වනවිට යළිත් ශ‍්‍රී ලංකාවට පැමිණ සිටින බවත්, එහෙත් මෙම නවතම පළා යෑම සිදු කළ ඩොනල්ඞ් ඉන්ද්‍රවංශ මහතාට යළි ශ‍්‍රී ලංකාවට ඇතුළු වීමට නොහැකි වන පරිදි තමන් අවශ්‍ය පියවර ගෙන ඇති බවත්, ශ‍්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ සභාපති සරත් හේවාවිතාරණ මහතා පැවසීය.

ඩොනල්ඞ් ඉන්ද්‍රවංශ මහතා මීට වසර 06 කට පමණ පෙර ශ‍්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයට සම්බන්ධ වී ඇති බවත්, මෙවර ශ‍්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ලෙස නෝර්වේ වෙත යැවීමට, 15 දෙනකුගෙන් යුතු මල්ලවපොර සම්මේලනයේ විශේෂ කමිටුවක වැඩි ඡුන්දයෙන් තෝරා ගැනීම සිදු කළ බවත් සරත් හේවාවිතාරණ මහතා ප‍්‍රකාශ කළේය.

මෙම ශ‍්‍රී ලංකා මල්ලවපොර කණ්ඩායම ඉකුත් 01 වැනිදා අලූයම ශ‍්‍රී ලංකාවෙන් පිටත්ව යෑම සඳහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි අතර, එහිදී ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් සිදු කළ විමර්ශන වලදී, මෙම කළමනාකරුගේ ගමන් මල්ලේ තිබී ගුවන් ගමන් බලපත‍්‍ර 03 ක් සොයාගෙන තිබිණි. ඒ අනුව ඒ අවස්ථාවේ ‘මොහු යළිත් ආපසු ශ‍්‍රී ලංකාවට එන එකක් නැහැ’ යනුවෙන් එම නිලධාරීන් ප‍්‍රකාශ කර තිබුණි. එසේම නෝර්වේ ඔස්ලෝ නුවර ගුවන් තොටුපළේදීත් මෙම ශ‍්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරවරයා ඇතුළු කණ්ඩායම පිළිබඳව සැක මතු වී එරට ආගමන විගමන නිලධාරීන් ශ‍්‍රී ලංකාවේ ශ‍්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ සභාපතිවරයාගෙන් මොවුන් පිළිබඳව විමසා තිබුණි. එසේම පසුගිය 02 වැනි දින උදෑසන තරග ආරම්භ කිරීම ස`දහා එම රටවල කළමනාකරුවන්ගේ රැුස්වීමේ සිටම, මොහු කණ්ඩායම මගහැරීම ආරම්භ කර තිබූ අතර, පසුගිය 04 වැනිදා ඔහු නවාතැන් ගෙන සිටි කාමරයෙන් අතුරුදන් වී තිබුණි.

ඒ අනුව මේ පිළිබඳව ශ‍්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාට, ආගමන විගමන පාලකවරයාට, ක‍්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාට, ක‍්‍රීඩා සංවර්ධන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරයාට ඇතුළු දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් මේ පිළිබඳව පැමිණිළි කළ අතර, නෝර්වේ ආගමන විගමන බලධාරීන් සහ එරට ආරක්ෂක අංශ, මොහුට ක‍්‍රීඩාංගණයෙන් සහ එරටින් පළා යෑමට ඇති සියලූ මාර්ග අවහිර කර, මොහු අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරීම ස`දහා මෙහෙයුම් සිදු කළ ද, ඔහු ඒ වනවිටත් එරටින් පළා ගොස් තිබුණි.

අවසානයේ ශ‍්‍රී ලාංකික මල්ලවපොර ක‍්‍රීඩකයන්ට, නෝර්වේ රාජ්‍යයෙන් පිට වීම සදහා රැුපීඞ් පී.සී.ආර්. පරීක්ෂණය සදහා වෙන්කළ මුදල් ද, මෙම කළමනාකාරවරයා සොරකම් කර ගෙන පළා ගොස් තිබූ බැවින්, ඒ ස`දහා තම පෞද්ගලික ධනයෙන් රුපියල් 255,000 ක මුදලක් එරටට ක්ෂණිකවම යැවූ බව සරත් හේවාවිතාරණ මහතා පැවසීය.

රටවල් 72 ක සහභාගිත්වයෙන් පැවති ලෝක ශූරතා තරගාවලියට වසර ගණනාවකට පසුව සහභාගි වූ ශ‍්‍රී ලංකා කණ්ඩායම, ලෝක ශ්‍රේණිගත කිරීම්වල 32 වන ස්ථානයට පත් වී තිබුණි.

ඒ අනුව ශ‍්‍රී ලංකා මල්ලවපොර කණ්ඩායම ඉකුත් 08 වැනිදින උදෑසන 09.00 ට කටාර් රාජ්‍යයේ දෝහා සිට පැමිණි, කටාර් ගුවන් සේවයේ කිව්. ආර්.- 664 දරන ගුවන් යානයෙන්, කළමනාකරු නොමැතිව, කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment