මල්ලාවි පිරවුම්හලේදී  මුලතිව් මාධ්‍යවේදියාට   මැර ප්‍රහාරයක්

100

මුලතිව් දිස්ත්‍රික් මාධ්‍යවේදියකු වන ෂන්මුගම් තවසීලන් මහතාට ඉන්ධන පිරවුම්හලකදී කිසියම් අයෙකු විසින් පහරදීමට තැත්කොට ඇති බව ඒ මහතා විසින් මල්ලාවි පොලිසියට පැමිණිලි කොට තිබේ.

ඉන්ධන බෙදාහැරීමේ කටයුතු තුනුක්කායි විවිධ සේවා සමුපකාර සමිතියට අයත් මල්ලාවි ඉන්ධන පිරවුම්හලෙන් සිදුවන බවට තොරතුරු ලැබීමත් සමග ෂන්මුගම් මහතා ඒ පිළිබඳව ආවරණය කිරීමට ගිය අවස්ථාවේදී එම ස්ථානයේ බීමතින් සිටි පුද්ගලයකු තමාට පහරදීමට උත්සාහ කළ බව මාධ්‍යවේදී ෂන්මුගම් මහතා පවසයි.

දිනසේන රතුගමගේ, මුලතිව් – ප්‍රසන්න ප්‍රදීප්
 

advertistmentadvertistment
advertistmentadvertistment