මල්ලි යමුද අවි බලන්ඩ…

1541

(කොටදෙනියාවේ අල්කයිඩා පවුල සුරලොව යැවීම)

 Crime Family හෙවත් සාපරාධී පවුල් නමැති යෙදුමක් අපරාධ කර්මාන්තය පිළිබඳ හදාරන විද්වතුන්ට හමුවන්නේය. ගෙදර බාලයන් හැර සෙසු සියලූම දෙනා එකතු වී සාපරාධී ක‍්‍රියාවල නිරත වීම මේ පවුල්වල සිරිත ය. මෙවැනි පවුලක ව්‍යුහාත්මක ක‍්‍රියාකාරීත්වය මෙසේ විය හැකිය. තාත්තා කසිප්පු පෙරයි. අම්මා කසිප්පු විකුණයි. ලොකු පුතා කුඩු ජාවාරම්කාරයෙකි. දෙවැනි පුතා කොන්ත‍්‍රාත් ක‍්‍රමයට මිනී මරයි. දියණිය ගණිකා ව්‍යාපාරයක් මෙහෙයවයි. ගෙදර සිටින බාල දරුවෝ අපරාධ නොකරති. එහෙත් තාත්තා පෙරන කසිප්පු ඇල්ලීමටත්, අම්මා කසිප්පු විකුණනු ඇල්ලීමටත්, අයියාගේ කුඩු බිස්නස් එක ඇල්ලීමටත්, ඊළඟ අයියා වන කොන්ත‍්‍රාත් මිනීමරුවා අත්අඩංගුවට ගැනීමටත්, අක්කාගේ ගණිකා නිවාසය වැටලීමටත් වලානේ දූෂණ මර්දන ඒකකය හෝ වෙනත් පොලිස් කට්ටියක් පැමිණෙන්නේද යන්න ගැන ඔත්තු බැලීම බාල දරුවන්ගේ ඩියුටිය වෙයි. මේ දරුවෝ ද කරදඬු උස්වූ වහාම ස්වකීය පවුල නමැති අපරාධ Syndicate එකේ සාමාජිකයෝ බවට පත්වෙති. මෙවැනි සාපරාධි Syndicate පවුල් අපරාධය කර්මාන්තයක් ලෙස සංවිධානාත්මකව පවත්වාගෙන ගිය නූතන ලෝකයේ මුල්ම ප‍්‍රදේශය ඉතාලියේ සිසිලි දූපත ලෙස හඳුන්වනු ලැබේ. මාෆියා නමැති නාමය බිහිවන්නේ සිසිලියෙනි. 1899 දී සිසිලි දූපතේ ඉපිද 1947 දී මිය ගිය අල්ෆොන්ස් ගේබි‍්‍රයල් කැපොන් නමැති බලගතු ඉතාලි ජාතික අපරාධකරුවා නූතන ලෝකයේ ආරම්භක සහ ප‍්‍රධානතම සාපරාධී පවුල් ප‍්‍රධානියා ලෙස හැඳින්වේ. මොහු හිඟන්නෙක් නොවේ. හිරේ විලංගුවේ වැටුණ ද ඔහු ජීවත්වුණේ අධි සුඛෝපභෝගී හිර කුටියක් තුළය. ඔහු එළියට පැමිණි විට සිසිලි දූපතේ පිහිටි ස්වකීය මාලිගයට ගියේය. සුප‍්‍රසිද්ධ ගෝඞ් ෆාදර් චිත‍්‍රපටයට පාදක වූ අල් කැපොන් යන චරිතයට හිමි කෙටි නමින් හඳුන්වන මේ පුද්ගලයා ලංකාවේ සිටින තුට්ටු දෙකේ අපරාධකරුවන් මෙන් නොව වඩාත් ක‍්‍රමානුකූල ජීවන විලාසිතාවක් අනුගමනය කළ කෙනෙකි. එහෙත් රජා කළත් වැසියා කළත් අපරාධය යනු නීච පහත් සහ අධම ක‍්‍රියාවකි. ලේ බඩ යනවා යනුවෙන් සිංහල කියමනක් තිබේ. නිසි කල් ජීවත්වන අපරාධකරුවන් වැඩි දෙනෙක්ම අවසන් කාලයේදී මිය යන්නේ ලේ බඩ යෑමෙන් විය යුතුය.

 ගම්පහ දිස්ත‍්‍රික්කයේ කොටදෙනියාව නමැති ගමේ වාසය කරන ‘අල්කයිඩා පවුල’ නමැති සාපරාධී පවුලක් ගැන මේ දිනවල අසන්නට ලැබේ. කොටදෙනියාව විවිධ අපරාධ සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධියට පත් පළාතකි. සේයා සදෙව්මි නමැති කුඩා දැරියක් දූෂණය කර මරා දැමීම නිසා මෙයට වසර කිහිපයකට පෙර කොටදෙනියාව ගම මහත් සේ ප‍්‍රසිද්ධියට පත්විය. අද මේ ගම අල්කයිඩා පවුල නමැති සාපරාධී පවුල නිසා නැවත වතාවක් කුප‍්‍රකට වී ඇත. මේ පවුලේ සංයුතිය ඉතා විෂම ය. විවිධ වාසගම් සහිත දරු පරම්පරාවක් මේ පවුල තුළ සිටිති. ඉන් හතර දෙනෙක් කරදඬු උස්වූ ප‍්‍රචණ්ඩ අපරාධකාරයෝ ය. ඒ හතරෙනුත් දෙකක් කසිප්පු ගහන, ස්ත‍්‍රී දූෂණය කරන, කුකුල් සහ හරක් හොරකමේ යන සිවුරුකාරයෝ දෙදෙනෙකි. මෙහිදී සිවුරුකාරයන් වෙනුවට චීවරධාරීන් යන නම අප යොදන්නේ නැත. එය උන්ට බර වැඩිය. ගෙවල්වලින් කප්පම් ගැනීම, කප්පම් නොදෙන අයගේ ගෙවල්වලට පැන ගෙවැසියන් කඩුවලින් කැපීම, මත් ද්‍රව්‍ය පාවිච්චි කිරීම මේ රැුලේ රැුකියාව ය. ඊට අමතරව උන්ට දේවාලයකුත් තිබේ. සිවුරුකාරයන් දෙදෙනාට උපසම්පදාවක් නැති අතර උහු වඳුරන්ගෙන් බණ අසා ජේතවනාරාමයට ගල් ගැසූ පීචං ගැන්සියට අයත් උදවිය වෙති. මේ සාපරාධී පවුලේ සාමාජිකයන් ඇල්ලීමට පසුගිය දා කොටදෙනියාවේ පොලිසිය මෙහෙයුමක් කළේය. එම මෙහෙයුමට සමාන්තරව සාපරාධීහු සිව්දෙනා වෙනම මෙහෙයුමක් කළහ. ඒ වූකලී ඔවුන් සම්බන්ධයෙන් පොලිසියට ඔත්තු දුන් බවට සැකකෙරෙන පුද්ගලයකු විසූ නිවසකට පැන එහි සිටි කුඩා දැරියන් දෙදෙනකු කඩුවලින් කපා මැරීමට තැත් කිරීම ය. යාබද නිවසක විසූ මහලූ යුවලක් එය වළක්වන්නට තැත් කළහ. එවිට කුඩා දරු දෙදෙනා අත්හළ අල්කයිඩා පිරිස එම මහලූ යුවලට කඩුවලින් කෙටූහ. කඩු පහරට ලක්වූ මහලූ කාන්තාව අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලේ පසුවන්නීය. පිරිමියා අසාධ්‍ය තත්ත්වයේ නැතත් බරපතළ තත්ත්වයෙන් රෝහලේ සිටින්නේය. කුඩා දැරියන් දෙදෙනා කැබලි කිරීමට මුලින්ම ගෙට පැන ඇත්තේ කඩු රැුගත් සිවුරුකාරයන් දෙදෙනාය. පසුව පොලිසිය කරන ලද මෙහෙයුමකදී සිවුරුකාරයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට හැකි විය. අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ඔවුන් සිටියේ රහසිගත නිවස්නයක (Safe House) හොඳටම බීමත්ව සිවුරු දෙක බිම හෙළා අඩ හෙළුවෙන් නිදමිනි. මේ ප‍්‍රචණ්ඩත්වයට විරුද්ධව කොටදෙනියාවේ ජනයා විරෝධතා පුවරු ඔසවාගෙන පාරට බැස සිටිති. එහෙත් වඩාත් නිවැරදි ක‍්‍රියාව විය හැක්කේ මේ මිනිසුන් විරෝධතා පුවරුත් රැුගෙන ළිං සහ ගංගාවලට පැනීමය. ඔවුන්ගේ කොඳු නාරටි එපමණටම පණ නැති බව අපි යෝජනා කරමු. දහස් ගණනක ජනකායක් සිටින ගමකට එකම එක සාපරාධී පවුලක් මර්දනය කිරීමට බැරිද? සාමකාමීත්වය යනු එක්තරා අවස්ථාවකදී මෝඩකමකි. අහිංසකකම යනු එක්තරා අවස්ථාවකදී නිවටකමකි. අහිංසක මෝඩයින්ගේ කටේ වසුරු හෙළනු පිණිස ස්වේච්ඡුාවෙන් ඉදිරිපත් වන කපුටෝ සිටිති. කෙසේ වුවද කොටදෙනියාවේ ගම්වාසීන්ගේ කවදාවත් අංගුලිමාල ලා නොවන අහිංසක සහ නීති ගරුක හැඩය අභියෝගයට ලක් කිරීමට අපි අදහස් නොකරමු. ඒ නිසා අල්කයිඩා පවුල බිමට සමතලා කිරීමේ වගකීම පොලිසිය භාරගත යුතුය. මේ රටේ ප‍්‍රචණ්ඩ අපරාධකරුවන් වැඩිදෙනා අවසන් ගමන් ගියේ ආයුධ පෙන්වීමට යෑමේදී ය. එසේ අන්තිමටම ගියේ මධූෂ් ය. අල්කයිඩා පවුලේ මිනීමරුවන් හතරදෙනා (විශේෂයෙන් සිවුරුකාරයන් දෙදෙනා) කැලෑබද ප‍්‍රදේශවල ආයුධ හංගා ඇති බව අපට දැනගන්නට ලැබී තිබේ. පොලිසිය උන් එහි කැඳවාගෙන ගොස් ආයුධ සොයාගැනීම කළ යුතුම ය. ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ අලූත්ම වාර්තාව මාර්තු 3 දා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී විවාදයට ගැනීමට නියමිත ය. ආයුධ බලන්නට යන වැඬේ ඊට කලින් කළොත් ඉතා හොඳ ය.

advertistmentadvertistment
advertistmentadvertistment