මල් කියන්නෙ කාට කාට… ළමයින්ටයි පාට පාට….! රිජ්වේ ආර්යා ළමා රෝහල ලෝක ළමා දිනය සමරයි

267

ලෝක ළමා දිනය යෙදුණු ඊයේ (01 දා) බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේදී ළමා දින සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබිණි.

මෙහිදී නේවාසික රෝගී දරුවන් ගීත ගායනා කිරීම විශේෂත්වයක් විය. ඊට අමතරව ඔවුන් චිත‍්‍ර අඳිමින් සිය හැකියාවන් විදහා පෑවේය. එසේම රෝහල් වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය ද ගීත ගායනා කරමින් දරුවන් සතුටු කරවනු ලැබූහ. මීට අමතරව රෝහල් කාර්ය මණ්ඩලය විසින් දරුවන්ට තෑගි ද පිරිනමනු ලැබීය.

ජාතික තරුණ සේවා සභාවේ සංගීත කණ්ඩායම ද දරුවන්ට සංගීත රසාස්වාදය ලබාදෙමින් සතුටට පත් කළේය.

මල් කියන්නෙ කාට කාට...  ළමයින්ටයි පාට පාට....! රිජ්වේ ආර්යා ළමා රෝහල ලෝක ළමා දිනය සමරයි

එසේම, මේ වනවිට කොවිඞ් වාට්ටුවේ ප‍්‍රතිකාර ලබන කොවිඞ් ආසාදිත දරුවන්ද සතුටට පත්කරමින් ඔවුන්ට ද සංගීත රසාස්වාදය ලබාදුන්නේය.

මෙහිදී දරුවන් පිළිබඳව දැනුවත් කෙරෙන දේශනයක් ද පැවැත්විණි.

මෙම සියලූ කටයුතු බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්‍ෂ වෛi ජී. විජේසූරිය මහතාගේ අධීක්‍ෂණය යටතේ රෝහලේ දෙකේ වාට්ටුව භාර ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතාගේ සංවිධායකත්වයෙන් පැවැත්විණි.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් ඡායාරූප – තුෂාර අතපත්තු

advertistmentadvertistment
advertistmentadvertistment