මලානා: ප‍්‍රකට මත්ද්‍රව්‍යයක් නිපදවන  අභිරහස් හිමාලයානු ගම්මානය

708

ඉන්දියාවේ පාර්වතී නිම්නය සංචාරකයන් අතර ප‍්‍රකටව ඇත්තේ, උතුරු ඉන්දීය හිමාචල් ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේ පිහිටි පෞරාණික ගම්මානයක් වන මලානාහි නිපදවෙන ගංජා නිෂ්පාදනක් වන ‘හෂීෂ්’ තොගයන්, සහ මනෝභ‍්‍රමික මත්ද්‍රව්‍යයෙන් පිරි සාදයන් නිසා ය. නමුත් මත් දුමෙන් ඔබ්බට නෙත් යොමුකළහොත්, ඔබට ජනප‍්‍රවාද, කුතුහලය සහ පිළිතුරු නොමැති ප‍්‍රශ්නවලින් පිරි ‘නිධානයක්‘ සොයාගත හැකි ය.

 හිමාලයේ ශිඛර අතර පිහිටි මලානා, දුෂ්කර බෑවුම් හා හිමෙන් වැසුණු කඳු මුදුනින් වටවී පවතියි. 1700කට ආසන්න ජනගහණයක් වෙසෙන මෙම ගම්මානයට සංචාරකයින් ඇදී එන්නේ දිගු කලක් තිස්සේ ය.

 ඔවුන් සීතල සුළං ප‍්‍රවාහයන් ද නොතකා තද කොළ පැහැ දේවදාර වෘක්ෂයන් මධ්‍යයේ දින ගණනාවක් එහි රැඳී සිටින්නේ, එහි ජනයා ශුද්ධ වූ ඔසුවක් ලෙසත්, බාහිර පුද්ගලයන් මනස නිදහස් කිරීමේ මඟක් ලෙසත් දකිනා දෙය – කීර්තිමත් සහ සම්මානලාභී මලානා ක‍්‍රීම් – පරිභෝජනය කිරීමට ය.

 මෙම ගංජා රෙසිනය හෙවත් ‘හෂීෂ්’, එය නිෂ්පාදනය සඳහා භාවිත කෙරෙන ‘අත් ඇතිල්ලීමේ තාක්ෂණය‘ සහ වාර්තාගත අන්දමේ විශිෂ්ට මත්කාරක හැකියාව සඳහා ප‍්‍රසිද්ධ ය.

advertistmentadvertistment
advertistmentadvertistment