මලාවි උප ජනාධිපති ගුවන් අනතුරකින් මරුට

230

මලාවි රාජ්‍යයේ උප ජනාධිපති සවුලෝස් චිලීමා ගුවන් අනතුරකින් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.උප ජනාධිපතිවරයා ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු සමග ඊයේ උදෑසන අතුරුදන් වූ ගුවන්යානය කඩාවැටි තිබුණේ එරට චිකන්ගාවා නම් වනාන්තරයට ය.අයහපත් කාලගුණය මැද පියාසර කළ ගුවන්යානය රේඩාර් පථයෙන් අතුරුදන් වී තිබුණි.ඒ ලලොන්ග්වේ අගනුවර ගුවන්තොටුපොළින් පියාසැරිය ආරම්භ කර සුළු මොහොතකිනි.යානයේ සුන්බුන් හමුවූයේ පැය 24කට වැඩි කාලයක් පුරා ක්‍රියාත්මක කෙරුණු මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙසිනි.

advertistmentadvertistment
advertistmentadvertistment