මලියදේව මහරහතන්ගේ සොහොන පිහිටි – සුළුගුළු චේතියාරාම පුරාණ රජමහා විහාරය

516

මලියදේව මහරහත් සොහොන
“සුළුගුළු උපාසක තුමන් ප්‍රසිද්ධ වූයේ අති දක්ෂ වෙදදුරෙකු නිසාය. මිහින්තලේට යාබදව පිහිටි සුළුගුළු වෙදමැඳුරට වැඩම කළ මලියදේව මහරහතන් වහන්සේ සුළුගුළු කැඳ වැලඳීම සඳහා සකසන අවස්ථාව තුළ ගිලන්ව සිටින අයට කරන සේවය අනූව සුළුගුළු උපාසකතුමන් ගැන පැහැදී මලියදේව මහරහතන් වහන්සේගේ සෘද්ධි බලයෙන් සුළුගුළු උපාසකතුමන් තව්තිසා දෙව්ලොව සිළුමින සෑය හා මෛත්‍රී බෝසතුන් වන්දනාවට වැඩම කළ බව ශාසන ඉතිහාසයේ සඳහන් මෙම සිදුවීම සම්බුද්ධ ශාසනයේ මහරහතන් වහන්සේ නමක් සෘද්ධි බලයෙන් පෘතග්ජන මිනිසෙක් සිළුමින සෑය වන්දනා කරවූ එකම පුවත ද වන්නේය.”

මලියදේව මහරහතන්ගේ සොහොන පිහිටි - සුළුගුළු චේතියාරාම පුරාණ රජමහා විහාරය

“මලියදේව මහරහතන් වහන්සේ ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේ ලක්දිව විසූ රහත් භාවය ලැබූ හිමි නමකි. මහාවංශයට අනුව ලක්දිව විසූ අවසන් ප්‍රසිද්ධතම අභිඤ්ඤාලාභි රහතන් වහන්සේ මලියදේව මහරහතන් වහන්සේය.”

මලියදේව මහරහතන්ගේ සොහොන පිහිටි - සුළුගුළු චේතියාරාම පුරාණ රජමහා විහාරය
බාසෙලිය ග්‍රහයා හඳුන්වන ගල් පුවරුව

“මිහින්තලේ ඉහලගම පිහිටි සුළුගුළු (චූලගල්ල) චේතියාරාම පුරාණ රජමහා විහාරය දේවානම්පියතිස්ස රජ දවසේදී සුළුගුළු (චූලගල්ල) වෙදැදුරන් විසින් මලියදේව මහරහතන් වහන්සේ උදෙසා කළ ආරාමයකි. කාලයාගේ ඇවෑමෙන් මලියදේව මහරහතන් වහන්සේ පිරිනිවන් පෑ පසු ධාතුන් වහන්සේලා තැන්පත් කොට සාදන ලද අනුස්මරණ වෙහෙර චේතියාරාම විහාර මළුවේ තිබෙන අතර එම ස්ථානය නටබුන්ව ඇත. සුළුගුළු (චූලගල්ල) වෙදමැඳුරේ ගොඩනැඟිලි නටබුන් සහ බෙහෙත් ද්‍රව්‍ය සැකසීම යොදාගන්නා ලද ගල් බඳුන් විහාර භූමිය පුරා දක්නට ඇත. පස්වලින් යටවී තිබෙන පුරාවස්තු බොහොමයක්ය. එහි තිබෙන දැවැන්ත නුග ගස වසර සිය ගණනක් පැරණි බව විහාරාධිපති අනුරාධපුර ධම්මාරාම හිමියන් පවසති.

මලියදේව මහරහතන්ගේ සොහොන පිහිටි - සුළුගුළු චේතියාරාම පුරාණ රජමහා විහාරය
පූජ්‍ය ධම්මාරාම හිමි

“සුළු ගුළු උපාසක තුමන්ට තව්තිසා දෙව්ලොව සිළුමින වන්දනා කිරීමෙන් අනතුරුව දෙවිවරු විසින් ත්‍යාගයක් ලෙස රන්සිළුවක් ලබාදී ඇති බව ඉතිහාස තොරතුරුවල සඳහන් වෙනවා. එම රන්සිළුව තැන්පත් කර ඇතැයි පවසන ගල්ගුහාව පන්සල අවට කන්දක තිබෙනවා. එම ගල්ගුහාව තුළ චෛත්‍යයක් ද තිබෙනවා. වැහි ලේන්නු සහ වවුලන් බහුලව ඉන්න නිසා එහි ඇතුල්වීමට අපහසුයි. විශාල පුරාවස්තු ප්‍රමාණයක් පොළොවට යටවී පවතිනවා. ඒ පිළිබඳව සොයාබලා කටයුතු කිරීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වගකීමක් බව විහාරාධිපති අනුරාධපුර ධම්මාරාම හිමියන් පෙන්වා දෙති.
කැකිරාව – සුදත් ඒකනායක

advertistmentadvertistment
advertistmentadvertistment