මවගේ නොමනා හැසිරීමට එරෙහි වූ පුතුට අත්වූ කඳුළු ඉරණම!

1995

මුන්දලම කරිකට්ටිය ප‍්‍රදේශයේ 72 හැවිරිදි මවක් 48 හැවිරිදි පුද්ගලයෙක් සමග ඇතිකරගත් අනියම් සම්බන්ධයට උරණවීම හේතුවෙන් අනියම් පුරුෂයා විසින් ඇයගේ පුත‍්‍රයාට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇත.

මෙසේ මරණයට පත්ව ඇත්තේ එස්. එම්. චාමර රුවන් නමැති 28 හැවිරිදි එක් දරු පියකු වේ.

මරණයට පත් අය අලව්ව ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර මීට දින කිපයකට පෙර කල්පිටිය ප‍්‍රදේශයේ පදිංචි සිය සොහොයුරියගේ නිවසට පැමිණි අවස්ථාවේ මවගේ අනියම් පෙම සම්බන්ධව තොරතුරක් ලැබී තිබේ.

ඒ පිළිබඳව විපරම් කර පුතු මව සිටි ස්ථානයට ඊයේ රාත‍්‍රියේ 9. 45ට පමණ පැමිණ අවස්ථාවේ මෙම 72 හැවිරිදි මව තම 48 පෙම්වතාට නිවසේ කාමරයක රාත‍්‍රි ආහාර කවමින් සිට තිබේ.

එහිදී කෝපයට පත් පුතු තම මවට දැඩි ලෙස දෝෂාරෝපණය කර ඇත. එම බහින් බස් වීමත් සමග එකවරම අනියම් සැමියා විසින් කාන්තාවගේ පුතාට පිහි ප‍්‍රහාරයක් එල්ල කර ඇත. දෙදෙනාම පොරබැදීමක් ද සිදුවී තිබේ.

එහිදී සැකකරු විසින් පුතාගේ පපුව හරහා ඇන තිබූ පිහිය ගලවාගෙන නැවත පිහියෙන් ඇනීමට කටයුතු කරන අවස්ථාවේ එම ස්ථානයට පැමිණි පුද්ගලයෙකු එය වළකා සැකකරුට පහරක් එල්ල කර තිබේ. ඒ සමගම සැකකරු පලා ගොස් ඇත.

පිහි ප‍්‍රහාරයකට ලක්වූ තරුණයා කඩිනමින් පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළද ඒ වන විටත් මරණයට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මෙම 28 හැවිරිදි තරුණයා ඝාතනය කළ සැකකරු මෙයට පෙර මීගමුවේ තිදෙනකුද පොලොන්නරුවේ එක් අයකුද පුත්තලම කරිකට්ටිය ප‍්‍රදේශයේ එක් අයකුද ඇතුළුව ඝාතන පහකට ප‍්‍රධාන සැකකරුවකු වන බව පොලිසිය පවසයි.

මීගමුවේ ඝාතනවලට වසර 20 ක් බන්ධනාගාරගතව පැමිණ සිටියදී මෙම ඝාතනය සිදු කර ඇත.

මීට පෙර සිදුකළ ඝාතන 5 සඳහාම යොදා ගෙන ඇත්තේ එකම පිහියක් බවත් එම පිහියද මෙම ඝාතනයට යොදා ගෙන ඇති බව පොලිස් පරීක්ෂණවලදි හෙළිව තිබේ.

සැකකරු පිහියත් සමග පලා ගොස් සිටියදී පොලිස් නිලධාරීන් හා තරුණයන් පිරිසක් එක්ව මුන්දලම ආමුකුලිය ප‍්‍රදේශයේ සැ`ගව සිටියදී දැඩි ප‍්‍රයත්නයක් දරා අත්අඩංගුවට ගෙන ඇත.

මෙම 72 හැවිරිදි මව සිය නිවසේ පවත්වාගෙන යන බෝඩිමේ කාමරයක මෙම සැකකරු මාස ගණනාවක සිට නවාතැන් ගෙන සිට ඇති බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධ මරණයට පත් තරුණයාගේ මව පොලිස් අත් අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධව කල්පිටිය භාර පොලිස් අධිකාරි ඞී. ඞී. පී. වීරසිංහ මහතාගේ උපදෙස් මත මුන්දලම මුන්දලම පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක අසිත ලක්රුවන්, අපරාධ අංශ ස්ථානාධිපති උප ඞී. එම්. එස්. රණවීර, පොලිස් සැරයන් වරුන් වන 33631 පේ‍්‍රමරත්න, 70291 බංඩාර, 54933 කපුරුබංඩා, 59795 නිශාන්ත, 47891 අජීත් යන නිළධාරීන් පරීක්ෂණ සිදු කළහ.

අමරනන්ද විජේසේකර – මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment