මවගේ පැමිණිල්ලට වැරැදි පාරේ ගිය විදුහල්පති අල්ලා කූඩුකරයි

619

අලූත් පාඩමක් බව පවසමින් සිසුන් කිහිප දෙනෙකුට අමුතු පාඩමක් ඉගැන්වූ බව කියන විදුහල්පතිවරයකු ජූනි මස 16 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පැල්මඩුල්ල මහෙස්ත‍්‍රාත් රසාංජලී පෙරේරා මහත්මිය පෙරේදා (08 දා) නියෝග කර කළාය.

මෙම විදුහල්පතිවරයා සිසුන් සිව්දෙනකු අපයෝජනයට ලක් කළේයැයි රක්වාන පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබිණි.

සැකකරු විසින් අසභ්‍ය ඡායාරූපද සිසුන්ට පෙන්වා ඇතැයි පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ. මොහු රක්වාන, පොතුපිටිය ප‍්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයකු බව රක්වාන පොලිසිය පවසයි.

පසුගිය 08 වැනිදා සිසුවකුගේ මවක් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සැකකාර විදුහල්පතිවරයා ගුරු නිවාසයේදී අත්අඩංගුවට ගෙන තිබිණි.

දරුවන් සිව්දෙනා 08 දා කහවත්ත මූලික රෝහලේ වෛද්‍ය පරීක්ෂණයට යොමු කර තිබූ අතර ඊයේ (10 වැනිදා) වන විටත් ඒ සම්බන්ධයෙන් වන අධිකරණ වෛද්‍ය වාර්තාව ලැබී නොතිබුණි.

රක්වාන පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සී. පී. ගුණසේකර මහතාගේ මෙහයවීමෙන් පරීක්ෂණ සිදු කෙරිණි.

කහවත්ත – සමරවීර නිරෝෂණ, රක්වානේ – ගබ්බෙල පියදාස

advertistmentadvertistment
advertistmentadvertistment