මව්පියන්ට පාඩමක්! නවගමුවෙන් ඇසෙන හද රිදවන කතාවක්

1936

අසැබි වීඩියෝ දර්ශන නරඹන සිසු-සිසුවියන් වැඩිවෙලා

දරු ගැබටත් මාස හතයි…

ප‍්‍රධානම හේතුව දෙමව්පියන්ගේ නොසැලකිලිමත් බව…

සඳුන් නවගමුව ප‍්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙකි. වයස අවුරුදු 16කි. එම ප‍්‍රදේශයේ ජනප‍්‍රිය පාසලක එකොළොස් වෙනි ශ්‍රේණියේ ඔහු ඉගෙනුම ලබයි. දැනට වසරකට පමණ පෙර සඳුන්ගේ දෙමව්පියන් ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනයක් ඔහුට ලබා දුන්නේය. ඒ ඔන්ලයින් අධ්‍යාපන කටයුතු කිරීම සඳහාය.

ජංගම දුරකථන ලැබුණු පසු ඔන්ලයින් අධ්‍යාපන කටයුතු පසෙක තැබු සඳුන් අන්තර්ජාලය භාවිත කරමින් අසභ්‍ය වීඩියෝපට නැරඹීමට පුරුදු වී සිටියේය. එයට අමතරව අසභ්‍ය දර්ශන එවන වට්ස්ඇප් ගෲප් දෙක තුනකද සාමාජිකයෙක් විය.

සඳුන්ගේ මව සහ පියා රැකියාවන්වල නිරත විය. දහවල් කාලයේ බොහෝ දුරට නිවසේ සිටියේ ඔහු පමණි. එම නිසා උපරිම නිදහසකින් යුතුව අසභ්‍ය දර්ශන නැරඹීමට ඔහුට අවස්ථාව ලැබුණි. රැකියාව නිමවී නිවසට පැමිණෙන දෙමව්පියන් කිසිදිනක තම පුතාට ලබාදුන් ජංගම දුරකථනය පරීක්ෂා කර බැලූවේ නැත. ඒ ඔවුන්ගේ කාර්යබහුලත්වය නිසා.

කලක සිට අසභ්‍ය දර්ශන නැරඹූ නිසා සඳුන්ගේ මනස විකෘති වී තිබුණි. අධ්‍යාපන කටයුතු පවා පසෙක දැමූ ඔහු නිරතුරුවම කල්පනා කළේ තමා බලන අසභ්‍ය දර්ශන ප‍්‍රායෝගිකව ඉටු කර ගන්නේ කෙලෙසද කියාය. ඒ සඳහා සුදුසු සහකාරියක් ඔහු සොයමින් සිටියේය.

සඳුනි ඔහුගේ නිවස අසල පදිංචි පාසල් සිසුවියකි. වයස අවුරුදු දාහතරකි. සඳුන් අධ්‍යාපනය හදාරන පාසලේම දහවැනි ශ්‍රේණියේ ඇය අධ්‍යාපනය හදැරැවාය. අසල්වැසියන් නිසා කලක සිට ඔවුන් දෙදෙනා ඉතා කුළුපඟව ඇසුරු කළහ.

දිනපතාම අසභ්‍ය දර්ශන නරඹා මනස විකෘති වී සිටි සඳුන් දිනක් මෙලෙස කල්පනා කළේය.

‘‘මට තවත් මේ වීඩියෝ බල බල ඉවසන් ඉන්න බැහැ. ඒවායේ වෙන දේවල් කරන්න කාව හරි හොයා ගන්න ඕනා. මේකට ඉන්නේ එකම එක්කෙනයි. ඒ සඳුනි විතරයි. එයාගේ අම්මයි තාත්තයි වැඩට යනවානේ. ඒ නිසා සඳුනි විතරයි දවල්ට ගෙදර ඉන්නේ. කොහොම හරි එයාව කැමති කරගන්න ඕනා මේ වැඬේට. එතකොට මේ සේරම දේවල් මට එයා එක්ක කරන්න පුළුවන්.”

ඒ අනුව දිනක් දහවල් කාලයේ කිසිවෙකුත් නොමැති අවස්ථාවක ජංගම දුරකථනයද රැගෙන සඳුනිගේ නිවස වෙත ඔහු ගියේය. එලෙස ගිය ඔහු සඳුනි සමග මෙලෙස කතාබස් කළේය.

‘‘කොහොමද සඳුනි අද ඉස්කෝලෙදි දැක්කෙවත් නැහැ.”

‘‘මම නං ඔයාව දැක්කා”

‘‘දැකලා ඇයි කතා කළේ නැත්තේ.”

‘‘ඒ වෙලාවේ කතා කරන්නේ කොහෙද ඔයා සෙල්ලං කර කරනේ හිටියේ.”

‘‘ඒක නොවෙයි මට ඇතුළට එන්න අවසර දෙනවද?”

‘‘ඇයි මොකද කවදාවත් නැතුව.”

‘‘ඇයි එහෙම කියන්නේ. මම මීට කලින් මෙහේ ඇවිල්ල නැද්ද ?”.

‘‘නැහැ නැහැ මම විහිළුවට කීවේ එන්න ඇතුළට. මොකද අද ඇත්තටම අපේ ගෙදර ආවේ.”

‘‘ආවේ ඔයාට පොඩි දෙයක් පෙන්නන්න.”

‘‘ඒ මොකක්ද?”

‘‘හැබැයි පොරොන්දුවක් වෙන්න ඕනා. මේ ගැන කාටවත් කියන්නේ නැහැ කියලා.”

‘‘මට තේරෙන්නේ නැහැ ඔයා මොනවා කියනවද කියලා.”

‘‘එහෙනම් මෙන්න මේ ෆෝන් එකේ තියෙන ටික බලන්නකෝ.”

එලෙස කියූ සඳුන් තම ජංගම දුරකථනයේ තිබූ අසභ්‍ය දර්ශන වීඩියෝ පටයක් ඇයට නැරඹීමට දුන්නේය. එක්වරම නොසිතු දෙයක් දුටු හෙයින් ඇය ලජ්ජාවට පත් වුනහ. වහාම එය නැරඹීම පසෙකලා ජංගම දුරකථනය සඳුන්ට දුන්නාය. ඒ බව තේරුම් ගත් සඳුන් ඇයට යළි මෙලෙස පැවසුවේය.

‘‘බයවෙන්න එපා. මේවා බැලූවා කියලා මොකුත් වෙන්නේ නැහැ. ඕවා තියෙන්නේ අපිට බලන්න තමයි.”

‘‘ඔයාට පිස්සුද මම කැමති නැහැ ඕවා බලන්න.”

‘‘හරි හරි ලැජ්ජ වෙන්න එපා. මමත් මුල් දවස්වල ඔහොම තමයි. මම කාටවත් කියන්නේ නැහැ. ඔයා මේවා බලන්න.”

‘‘මම එක සැරයක් කිව්වනේ. මම ඕවා බලන්න කැමති නැහැ.”

ඇය කොතරම් එපා කීවත් සඳුන් කෙලෙස හෝ ඇයට එවැනි අසභ්‍ය වීඩියෝ පට දෙක තුනක් පෙන්නුවේය. එතැන් පටන් දින කිහිපයක් ඔහු සඳුනිගේ නිවසට පැමිණ තම ජංගම දුරකථනයේ ඇති එවැනි අසභ්‍ය වීඩියෝ පට ඇයට පෙන්නුවේය.

සතියක් පමණ ගත වන විට ඇයද එම වීඩියෝපට නැරඹීමට පුරුදු වූවාය. එලෙස දෙදෙනා වීඩියෝ පට නරඹන අතරතුර සඳුන් දිනක් ඇයට මෙලෙස පැවසුවාය.

‘‘සඳුනි මේවා බලලා විතරක් වැඩක් නැහැ. අපිත් මේ විදිහට ඉමු.”

‘‘අනේ මට බයයි.”

‘‘බයවෙන්න එපා. ඔය ඕන තරම් කෙල්ලො කොල්ලො ඉන්නේ.”

‘‘අනේ සඳුන් ඒක නම් මට කරන්න බැහැ.”

‘‘ඔයා බය නැතුව ඉන්න. මේවා කාටවත් දැනගන්න තියන්නේ නෑ මම. අපි දෙන්න විතරයි මේවා දන්නේ. ඇත්තටම මම ආසයි මේ වීඩියොවල ඉන්නවා වගේ ඔයත් එක්ක ඉන්න.”

අවසානයේ දෙදෙනා එම අසභ්‍ය වීඩියෝ පටවල සිටින ආකාරයට යහන මත හැසිරුණහ. එතැන් පටන් දිනපතාම පාහේ ඔවුන් දෙදෙනා එවැනි වීඩියෝ පට නරඹා ඒ ආකාරයට ලිංගිකව හැසිරීමට පුරුදු වූහ. ඒ අතරතුරදී ඇයගේ කන්‍යාභාවයද සඳුන් අතින් නැතිවිය.

සතියක් දෙකක් නොව වසරකට ආසන්න කාලයක් වයස අවුරුදු දහසයකටත් අඩු මෙම පාසල් සිසුවා සහ සිසුවිය එලෙස ලද සෑම අවස්ථාවකම ලිංගිකව එකතු වූහ. දරුවන් ගැනම නොසිතා රැකියාවල නිරතවන දෙපාර්ශ්වයේම දෙමව්පියන්ටද මේ පිළිබඳව අංශු මාත‍්‍රයක්වත් දැන ගැනීමට නොහැකි වූහ.

කාලය එලෙස ගෙවී ගියේය. දැනට මාස කිහිපයක සිට සඳුනිට උදරාබාධයක් සෑදුණි. ඇය ඒ පිළිබඳව මව්පියන් දැනුවත් කළාය. ඔහු ඒ සඳහා අවස්ථා දෙක තුනකදී ප‍්‍රතිකාර සිදු කළත් සාර්ථක වූයේ නැත. අවසානයේ ඔවුන් ඇයව මුල්ලේරියාව රෝහලේ වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කළේය. එම වෛද්‍යවරයා ඇයව හොඳින් පරීක්ෂා කර බැලූවේය. එහිදී අනාවරණය වූයේ ඇය ගැබ් ගෙන ඇති බවයි. ඒ වනවිටත් ඇයගේ දරු ගැබට මාස හතක් ගතවී තිබුණි. එය දැනගත් ඇයගේ දෙමව්පියන්ට උන් හිටි තැන් අමතක විය. තම දියණිය සිදුකර ගත්තේ කුමන අපරාධයක් දැයි කියමින් විලාප තැබුවාය.

වෛද්‍යවරයා වහාම මේ පිළිබඳව නවගමුව පොලිසිය දැනුවත් කළේය. ඒ අනුව නවගමුව පොලිසියේ ස්ථානාධිපති ලක්ෂ්මන් සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ මේ පිළිබඳව පරීක්ෂණයක් සිදු කෙරිණි. එහිදී අනාවරණය වූයේ කලක සිට ඉහත සඳහන් කළ පාසල් සිසුවා අසභ්‍ය වීඩියෝ පට නරඹමින් මෙම පාසල් සිසුවිය සමග ලිංගිකව හැසිරී ඇති බවයි.

අවසානයේ සැකකාර පාසල් සිසුවාව කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කළේ එම ගැබිනි පාසල් සිසුවිය සහ සැකකාර සිසුවාව පරිවාස භාරයට පත්කරන ලෙසයි.

මෙම සිද්ධිය දෙස බැලීමේදී එම ළමුන් පිටම වරද පැටවිය නොහැකිය. මෙයට සෘජුවම වගකිය යුත්තේ එම දරුවන් දෙදෙනාගේ දෙමවුපියන්ය. එම දෙමව්පියන් තම දරුවන් ගැන නිසියාකාරව සොයා බැලූවේ නම් අද මෙවන් තත්ත්වයක් උදා නොවනු ඇත. කාර්යබහුලත්වයත් සමඟ දරුවන්ගේ අවශ්‍යතාවන් ඉටු කළත් ඔවුන් දෙස දැඩි අවධානයක් යොමු කිරීමට ඔවුන්ට නොහැකි වන්නට ඇත. එමනිසා ඔවුන් අද මැරි මැරී උපදිනවා ඇත.

වර්තමානයේ අප ජීවත් වන්නේ තාත්තා දුව, අයියා නංගි දූෂණය කරන සමාජයකයි. ඒ අනුව බලන කල මිනිසුන් තිරිසනුන්ටත් වඩා පහත් තත්ත්වයකට වැටී ඇත. දෙමව්පියන් වශයෙන් එවැනි සමාජයක ජීවත්වන දරුවන් ගැන ඔබ කොතරම් කාර්යබහුල වුවත් වරක් නොව දස දහස් වාරයක් සොයා බැලිය යුතුය. එසේ වුවහොත් නොදැනුවත්කම නිසා දරුවන් අතින් සිදුවන වැරදි බොහොමයක් වළක්වා ගත හැකිය.

තවද පැවසිය යුතු කරුණක් තිබේ. එනම් මෙවැනි කතා අප පාඨක ඔබ වෙත ඉදිරිපත් කරනුයේ රසාස්වාදයක් ලබා ගැනීම සඳහා නොව සමාජ මාර්ගෝපදේශයක් ලබා ගැනීම සඳහාය.

මෙම සිද්ධිය පිළිබඳව විමසීමේදී නවගමුව පොලිසියේ ස්ථානාධිපතිවරයා අප සමඟ මෙලෙසද පැවසුවේය.

‘‘තවත් මෙවැනි සිද්ධීන් තුනක් පමණ අපට වාර්තා වී තිබෙනවා. ඒවා මෙතරම් දරුණු නොවුණත් සිදුවී ඇත්තේ දෙමව්පියන්ගේ නොසැලකිල්ල නිසා. මෙවැනි සිද්ධි වලට සෘජුවම වගකියන්න ඕනා දෙමව්පියන්. ඔවුන් කොතරම් කාර්යබහුල වුවත් දරුවන් ගැන සොයා බැලිය යුතුයි. අද බහුතරයක් ළමයි ජංගම දුරකථන භාවිතයට ඇබ්බැහි වී තිබෙනවා. ළමයි නොමඟ යෑමට ප‍්‍රධානම හේතුව එයයි. එම නිසා මම දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා තම දරුවා ජංගම දුරකථනයක් භාවිත කරන්නේනම් නිරතුරුවම ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස. එසේ වුවහොත් ඔවුන් අතින් සිදුවන වැරදි අවම කරගත හැකිය.”

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment