මව්පියන්ට බියේ දිවගිය පෙම් යුවළ අනවසර විදුලි රැහැනේ ගැටී මරුට

1223

කොලොන්න පොලිස් වසමේ පිටවෙලගම ප‍්‍රදේශයේ තරුණයෙකු සහ තරුණියක් අනවසර විදුලි රැහැනක පැටලීමෙන් මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ අංක 18, වඩුමඩුව දික්වැල් ප‍්‍රදේශයේ පදිංචි මතකධීර කම්කානම්ගේ සුරාජ් ප‍්‍රසන්න (26) සහ කොළොන්න පිටවෙල පදිංචි කම්කානම්ගේ

සෂිණි සඳමාලි (17) නැමැති දෙදෙනායි. තරුණියගේ නිවසට ආසන්නයේ ඇයගේ ඥාතියෙකුගේ කුරුඳු ඉඩමකදී මෙසේ විදුලි සර වැදී මෙම දෙදෙනා මියගොස් ඇත. වන සතුන්ගෙන් ආරක්ෂා කරගැනීම සඳහා මෙම කුරුඳු ඉඩම වටේ කම්බි යොදා එයට අනවසරයෙන් විදුලිය සම්බන්ධ කර තිබී ඇත. මෙම දෙදෙනා මියගොස් ඇත්තේ එම විදුලි කම්බි වල පැටලීමෙනි. මෙම තරුණිය ඔන්ලයින් ඔස්සේ මියගිය තරුණයා සමග සම්බන්ධකමක් පවත්වාගෙන ගොස් ඇති අතර මෙම සිදුවීම සිදුවූ දින දික්වැල්ලේ සිට මෙම තරුණයා මෙම තරුණිය සොයාගෙන පැමිණ ඇත.

තරුණියගේ නිවස ආසන්නයේ තරුණයා පැමිණි යතුරුපැදිය නතර කර තරුණිය සමග කතා කරමින් සිට ඇති අතර නිවැසියන් මේ බව දැක ඇත. එයින් බිය වූ මෙම දෙදෙනා පලා ගොස් ඇති අතර නිවසට යාබව මීටර් 500ක් පමණ දුරින් පිහිටි අක්කර 05ක පමණ කුරුඳු වත්තක විදුලි සර වැදී වැටී මියගොස් සිටියදී ඊයේ (17දා) පෙරවරුවේදී සොයාගෙන ඇත. මේ සම්බන්ධයෙන් ඇඹිලිපිටිය ස්ථානීය අපරාධ ඒකකය සහ කොළොන්න පොලිසිය එක්ව පරීක්ෂණ පවත්වයි. අනවසරයෙන් විදුලිය යෙ¥ එම ඉඩමේ හිමිකරු පොලිස් අත්අඩංගුවට ගැනීම සඳහා මේවන විට පොලිස් පරීක්ෂණ පැවැත්වේ.

ඕමල්පේ – ප‍්‍රගීත් ජනක

advertistmentadvertistment
advertistmentadvertistment