මව්බස ඉංග‍්‍රීසි යැයි පවසන ශ‍්‍රී ලාංකිකයෝ

424

බි‍්‍රතාන්‍යය, ජර්මනිය වැනි රටවලට සංක‍්‍රමණය වී සිටින ශී‍්‍ර ලාංකික බොහෝ සිංහල ජාතිකයන් මව් භාෂාව සිංහල යැයි සඳහන් නොකරන බව වාර්තා වේ.

 එම රටවලට සංක‍්‍රමණය වී සිටින ශී‍්‍ර ලාංකික දෙමළ ජාතිකයන් මෙන්ම ඉන්දීය ජාතිකයන් තමන් භාවිත කරනුයේ දෙමළ භාෂාව යැයි ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කළද බොහෝ සිංහල ජාතිකයෝ එම රටවලදී තමන් භාවිත කරන භාෂාව ඉංගී‍්‍රසි යැයි පැවසීමට පෙළඹී සිටිති.

 මේ තත්ත්වය තුළ ආදළ රටවල රජයන් සිදුකරනු ලබන සංගණනයන්වලදී ඉහළ දෙමළ ජන ඝණත්වයක් ඉස්මතු වී තිබීම කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාවේ ප‍්‍රබලත්වයට ප‍්‍රධාන සාධකයක්වී ඇත.

 එම රටවලට සංක‍්‍රමණය වී සිටින ඇතැම් සිංහල ජාතිකයන්ට මෙලෙස මව්බස හා රට අමතක වීමේ මානසිකත්වය නිවැරදි කිරීමට මේ වන විට එම රටවලට ගොස් සිටින මෙරට තානාපති නිලධාරීන් කිසිවක් සිදු නොකරන බව දූත මණ්ඩල ආරංචි මාර්ගම ස`දහන් කරයි.

 සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment