මවුස්සාකැලේ වාන් ඇරේ

248

මස්කෙලිය මවුස්සාකැලේ ජලාශයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මවුස්සාකැලේ ජලාශයේ වාන් දොරටු අද (02) දින සිට ලබන 14 දින දක්වා වරින් වර විවෘත කර තබන බවට විදුලි බල මණ්ඩලය කියා සිටී.

මවුස්සාකැලේ ජලාශයේ වාන් දොරටු විවෘත කර තැබෙන වේලාවන් වල ජලාශ වේල්ලට පහලින් වු කෙසෙල්ගමුඔයේ සහ කැලණි ගගේ ජල මට්ටම තරමක් වැඩි විය හැකි බැවින් ඒ පිලිබදව කෙසෙල්ගමුඔයේ සහ කැලණි ගගේ ජලය පරිහරණය කරන පුද්ගලයන් සැලකිල්ලෙන් සිටින ලෙස ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක ඉල්ලා සිටි.

advertistmentadvertistment
advertistmentadvertistment