මව මැරූ හමුදා පුතා වසර අටකට පසු කොටුවෙයි

456

කැබිතිගොල්ලෑව, අයිතිගෙවැව ප්‍රදේශයේ පිහිටි නිවසක සිටියදී කාන්තාවකගේ ගෙල සිරකර මනුෂ්‍ය ඝාතනයක් සිදු කළ සැකකරු වසර 08 ට පසු අත්අඩංගුවට ගත් බව කැබිතිගොල්ලෑව පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මියගිය කාන්තාවගේ පුතා වන ඩබ්ලිව්. ජේ. සී. විජේරත්න නමැති දෙවැනි ස්වෙච්ඡා ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බළකායේ සේවය කළ අයෙකි.

මෙම සැකකරු විසින් ඝාතනය කර ඇත්තේ තම මව වන 50 හැවිරිදි ජංගුවාගේ සකුන්තලා නමැති කාන්තාවකි. ඇය නිවසේ සිටියදී ගෙළ සිර කර මෙලෙස ඝාතනය කර ඇත්තේ 2015 වර්ෂයේ ජුනි මස 05 වන දිනය. අභිරහසක් වූ මෙම ඝාතනයේ ඝාතකයා සෙවීමට එදින සිට කැබිතිගොල්ලෑව කොට්ඨාස අපරාධ විමර්ෂණ අංශය කැබිතිගොල්ලෑව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිගේ උපදෙස් පරිදි කටයුතු කළේය. ඒ අනුව සමීපතම ඥාතීන්ගෙන් මෙන්ම මෙම සෙබළාගෙන් වෙන් වී ජීවත් වන ඇයගේ බිරිඳගෙන් පොලිසිය විසින් ප්‍රකාශ ලබා ගනිමින් සිට ඇත. ඒ අනුව ලද තොරතුරක් මත මෙම ඝාතනයේ ඝාතකයා මියගිය කාන්තාවගේ පුතා බවට අනාවරණය කර ගත් කැබිතිගොල්ලෑව කොට්ඨාස අපරාධ විමර්ෂණ අංශය ඒ පිළිබඳ ඝාතකයා සේවය කළ කටුනායක පිහිටි යුද්ධ හමුදා කඳවුරේ අණදෙන නිලධාරි දැනුවත් කර සැකකරු පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරු කැබිතිගොල්ලෑව මහෙත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.
මැදවච්චිය-ගයාන්

advertistmentadvertistment
advertistmentadvertistment