මව මියගොස් දින 24න් දියණියත් කොවිඞ් නිව්මෝනියාවෙන් මරුට

171

කොවිඞ් නිව්මෝනියාවෙන් මව මියගොස් දින 24 කට පසු දියණියද කොවිඞ් නිව්මෝනියාවෙන්  මියගොස් ඇති බැව් පෙරේදා (15 දා* ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පැවති හදිසි මරණ පරීක්ෂණ සාක්ෂි විභාගයේ දී අනාවරණය විය.

මියගිය දියණිය 54 හැවිරිදි වියේ පසුවන පානදුර අළුබෝමුල්ල ප‍්‍රදේශයේ පදිංචි එක්දරු මවකි. මියගිය තැනැත්තියගේ හදිසි මරණ පරීක්ෂණය කරාපිටිය ශික්ෂණ රෝහලේ අතිරේක හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා විසින් සිදු කරනු ලැබීය. පශ්චාත් මරණ පරීක්ෂණය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී යූ. සී. පී. පෙරේරා මහතා විසින් සිදු කරනු ලැබීය. ඉදිරිපත් වූ සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් මරණ පරීක්ෂකවරයා කොවිඞ් නිව්මෝනියාවෙන් මරණය සිදුවී ඇති බවට තීන්දු කළේය.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment