මස්කෙළිය ඔයේ මැණික් ගැරූ තිදෙනෙක් අත්අඩංගුවට

83


ජාතික ජලවිදුලිබල පද්ධතියට අයත් මාවුස්සාකැලේ ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන මස්කෙළිය ඔයේ නොර්වූඩ්ල ස්ටොක්හෝම් ප්‍රදේශයේ අණවසරයෙන් මැණික් ගරමින් සිටි පුද්ගලයින් තිදෙනෙක් හැටන් පොලීසියේ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
නොර්වුඩ් පොලිස් වසමට අයත් ස්ටොක්හෝම් තේ වතුයාය හරහා ගලා බසින මස්කෙළිය ඔයේ ඉවුර කඩමින් පාරිසරික හානියක් සිදුවන ලෙස මහා පරිමාණයෙන් මෙම මැණික් ගැරීම සිදු කරන බවට ලද තොරතුරක් මත කළ වැටලීමේදී සැකකරුවන් අත් අඩංගුවට ගත් බව හැටන් පොලීසියේ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ස්තානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් මහතා පැවසීය.මෙම පිරිස ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment