මස්කෙළිය මාර්ගයේදි ත‍්‍රී රෝද රථයක් ප‍්‍රපාතයකට වැටේ

177


නෝටන්බ්‍රීජ්-මස්කෙළිය මාර්ගයේ 05 කණුව ප්‍රදේශයේදී අද උදෑසන ත්‍රීවීල් රථයක් මාර්ගයෙන් පිටතට අඩි 50 ක් පමණ තේ ඉඩමක ප්‍රපාතයට පෙරළීමෙන් ත්‍රීවීල් රථයේ රියදුරා තුවාල ලබා ඇති බව නෝටන්බ්‍රීජ් පොලීසිය පවසයි.
මාර්ගයේ ධාවනය කරමින් තිබූ ලොරි රථයකට ඉඩ දීමට ගිය අවස්ථාවේ මෙම අනතුර සිදුව ඇති බවත් සිද්ධිය වන අවස්ථාවේ රියදුරා පමණක් සිට ඇති බවත් පොලීසිය කියයි.
ත්‍රීවීල් රථය පෙරළෙනවාත් සමග එහි රියදුරා පිටතට පැන ඇති අතර අනතුර සම්බනධයෙන් නෝටන්බ්‍රීජ් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

advertistmentadvertistment
advertistmentadvertistment