මස්ටොඩොන් ඇතෙකුගේ දතක් සොයා ගත් ජුලියන්

234

ජුලියන් ගැග්නන් පසුගිය සැප්තැම්බර් මාසයේදී සිය දෙමව්පියන් සමග ‘‘රොචෙස්ටර් හිල් ’’ ප‍්‍රදේශයේ පිහිටි ඩයිනොසර්හිල් ප‍්‍රදේශයේ සංචාරය කරද්දී ඔහුගේ පයේ යමක් ගැටෙනු දැනුනා. එය දතක් බැව් දැනුනත් ඩයිනෝසර් සතෙකුගේ නොවන බවට පෙනී ගිය නිසා ඔහුගේ මව්පියන් විසින් මේ දත මිචිගන් විශ්වවිද්‍යාලයේ පාෂාණීභ\ත කෞතුකාගාරයට බාර දුන්නා. පර්යේෂකයන්ගේ අධ්‍යයනයන් මගින් පෙනී ගියේ ජුලියන් විසින් අහුලා ගත් දත ‘‘මස්ටොඩොන් ’’ (mastodon) නැමැති පුරාණ ඇත් විශේෂයකට අයත් වන බවයි.

 *  ‘‘ඩයිනෝසර් හිල් කිව්වත් ඩයිනෝසර් සම්බන්ධතාවයක් නැහැ’’

 මෙම කලාපය ඩයිනෝසර් හිල් යනුවෙන් හැඳින්වුවත් කිසිදු ලෙසකින් මේ ප‍්‍රදේශයට ඩයිනෝසර් සතුන්ගේ සම්බන්ධතාවයක් නොමැති බැව් කිව යුතුයි. අක්කර දහසයක් පමණ විශාලත්වය ඇති මේ ප‍්‍රදේශය අතීතයේදී අවට සිටින ප‍්‍රදේශවාසීන් විසින් කසළ බැහැර කරන ස්ථානයක් බවට පත්ව තිබුණා. කාලයත් සමග මෙම කුණු කන්දේ පෙනුම නිදාගෙන සිටින ඩයිනෝසර සත්වයෙකුගේ පෙනුමට සමාන වුණා. පසුකාලයක මෙම ප‍්‍රදේශයත් වන රක්ෂිත කලාපයට සම්බන්ධ කරමින් ඩයිනෝසර් හිල් යනුවෙන් හඳුන්වා තිබෙනවා.

 *  ‘‘මස්ටොඩොන් ’ (mastodon)

 මෙම ඇත් විශේෂය මීට අවුරුදු මිලියන 12,000 කට පමණ පෙරාතුව උතුරු හා මධ්‍යම ඇමරිකාවේ වාසය කළ අතර අවසාන අයිස් යුගයේදී ඔවුන් වඳ වී යන්නට ඇතැයි අනුමාන කරනවා. ඔවුන් මුලදී අනුමාන කරනු ලැබුවේ මෙම ඇතුන් හිමෙන් වැසුන ආක්ටික් හා උප ආක්ටික් ප‍්‍රදේශවල ජීවත්වන්නට ඇති බවයි. එහෙත් නවතම අධ්‍යනයන් මගින් පෙනී යන්නේ මෙම සත්ව විශේෂයන් ශාක ආහාර පද්ධති ආශ‍්‍රිතවත් ජීවත් වන්නට ඇති බවයි. ඒ අතරම මිනිස් වාසස්ථාන ඇති වීමටත් පෙරාතුව වූ දේශගුණික විපර්යාසයන් නිසා මස්ටොඩොන් ඇතුන් වඳ වී යන්නට ඇතැයිද පුරාවිද්‍යාඥයින්ගේ අදහස වී තිබෙනවා.

 ටොන් හයක් පමණ බරැති මෙම ඇත් විශේෂය අඩි දහයක් පමණ උසින් යුක්තයි. ජුලියන්ගේ පය ගැටුණ මෙම දත අයත් මස්ටොඩොන් ඇතා මියයන විට වයස අවුරුදු විස්සක් පමණ වෙතැයි පර්යේෂකයන්ගේ උපකල්පනය වී තිබෙනවා. වනාන්තරයේ සිය සංචරණ ගති පැවතුම් පවත්වාගෙන යන ඇතෙකු මිය ගිය විට එම කුනපය සම්පූර්ණයෙන්ම සතුන් විසින් ආහාරයට ගන්නා නිසා මේ අන්දමින් දතක කොටසක් හමුවීමත් අරුමයක් බැව් විද්‍යාඥයන්ගේ අදහස වී තිබෙනවා.

 *‘‘මට දැන් ලැජ්ජයි’’

 මිචිගන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් මස්ටොඩොන් සත්ව පොසිල පිළිබඳව දැඩි උනන්දුවක් දක්වනවා. මීට පෙරාතුව ඔවුන් කොළොම්බියාවේ රන් ආකරයකින් සත්ව පොසිලයක් හඳුනා ගත්තා. අඩි තුනහමාරක දළයක් සහිත මෙය 2020 වසරේදී හඳුනා ගෙන ඇති අතර ඊට මාස දෙකකට පෙරාතුව මිසාරි ප‍්‍රදේශයේ තරුණයෙකු විසින් ග‍්‍රෑන්ඞ් ගංගාවේ තිබී තවත් මස්ටොඩොන් ඇතෙකුගේ දතක් හඳුනාගෙන තිබෙනවා. මේ අතර මිචිගන් විශ්වවිද්‍යාලයේ ජාතික ඉතිහාසය පිළිබඳ කෞතුකාගාරයේ ‘‘අබේ බෲක් ’’ NBC News18. පුවත් සේවයට අදහස් දක්වමින් කියා සිටින්නේ මගේ සිහිනය පාෂාණීභූත පොසිල හඔා යෑම මගේ සිහිනයක් ඒ අතරත් මම මස්ටොඩොන් ඇතුන්ගේ පොසිල ගැන උනන්දු වුණා. ඒත් මේ පුංචි දරුවා මගේ සිහිනයේ කොටස්කාරයෙක් වුණා. ඒ ගැන මට ටිකක් ලැජ්ජයි.

 *  ‘‘මගේ සිහිනයත් දැන් වෙනස්’’

 මේ අතර ජුලියන් ගැග්නන් සඳහන් කරන්නේ මගේ පුංචි කාලයේ පටන්ම බලාපොරොතත්ුව තිබුණේ අනාගතයේදී පුරාවිද්‍යාඥයෙක් වෙන්නයි. නමුත් දැන් මගේ අදහස ටිකක් වෙනස් වුණා. මම අනාගතයේදී පුරාජීව විද්‍යාඥයෙක් වෙන්න බලාපොරොතත්ුව සිටිනවා.

 * පුන්‍යා චාන්දනී ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment