මස් කළ එළදෙනගේ පැටවා මව සොයමින් විළාප තබයි… ආණමඩුවේ හරක් මස් ජාවාරම්කාරයෝ නිදැල්ලේ

336

නිරෝධායන ඇඳිරි නීතිය පවත්නා දිනවල ආණමඩුව පොලිස් වසමේ ග‍්‍රාමීය ප‍්‍රදේශවල ඉඩම්වල බැඳ ඇති ගවයන් රාති‍්‍ර කාලයේ සූක්ෂම ලෙස රැගෙන ගොස් මරා මස්කර විකිණීමේ ජාවාරමක් මේ දිනවල කි‍්‍රයාත්මක වෙයි. එම ජාවාරම්කරුවන් සම්බන්ධව ආණමඩුව පොලිසිය විසින් විමර්ශන කටයුතු කිරීමේ දී ආණමඩුව වඩත්ත ප‍්‍රදේශයේ නිවසක පිටුපස ගසක ගැට ගසා සිටි එළදෙනකු සොරා ගෙන ගොස් මස්කර විකිණීමේ සිද්ධියක් අනාවරණය කර ගැනීමට හැකි වී ඇත.

ප‍්‍රදේශවාසීන් සිදුකළ පැමිණිලිවලට අනුව මෙම විමර්ශනය කටයුතු සිදු කරන අතරතුර මෙම සිද්ධිය හෙළිවිය.

09 වෙනි වැනි දින අළුයම එම නිවස පිටුපස ගසක ගැට ගසා සිටි එළදෙන රහසේම සොරා ගෙන ගොස් මීටර් 200 කට ආසන්න ස්ථානයක දී මරා මස් රැුගෙන ගොස් තිබේ. එළදෙන මස් කළ ස්ථානයේ සම හා තවත් අස්ථි කොටස් කිහිපයක් පමණක් දමා හිස හා සිරුරේ තවත් කොටස්ද මස් සමග රැුගෙන ගොස් ඇති බව ආණමඩුව පොලිසිය පවසයි. එළදෙනගේ හිමිකරුවන් පවසන්නේ 8 වැනි දින මධ්‍යම රාති‍්‍රයේ අවදි වී බලන විටත් ගැට ගසා සිටි ස්ථානයේ එළදෙන සිටි බවය. පසුදින අළුයම කුඹුරු යාය ආසන්නයේ කුඩා කැළෑ රොදක එළදෙනගේ සිරුරේ කොටස් හමුවු වී තිබේ. පොලිසිය පවසන්නේ මෙම සිද්ධිය පිටුපස ගවමස් අලෙවි කරන පිරිසක් සිටින බවයි. සිද්ධිය පිළිබඳව ආණමඩුව පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක වසන්න කුමාර මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එස්. එස්. සී. මධුරංග මහතා ඇතුළු නිලධාරීන් විමර්ශන කටයුතු සිදු කළේය.

අමරනන්ද විජේසේකර – මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment