මස් රාත්තල එපා එකපාර ගෙවන්න

169

අපිට මස් රාත්තලම අවශ්‍ය නැහැ. කැබිනට් අනුකමිටුව අදියර කිහිපයක් යටතේ වැටුප් විෂමතා ඉවත් කිරීමට ගෙන තිබෙන තීරණය එක් අදියරකින් ගෙවන ලෙස ඉල්ලා සිටීම අපේ ඉල්ලීම යැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලිං මහතා ඊයේ් (01 දා) පැවසීය. කැබිනට් අනුකමිටුව අදියර කිහිපයක් යටතේ ගැටලූව විසඳීමට යෝජනා කර තිබෙන බවත්, එය එක් අදියරකින්ම ගෙවීමට රජයට වැය වන්නේ රුපියල් බිලියන 31 ක් පමණක් බවත් ඔහු කීය.

මෙම මුදල අයවැයෙන් දෙනවා ද ඊට පෙර දෙනවා ද යන්න සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා හෝ මුදල් ඇමැතිවරයා සමඟ සාකච්ඡා කිරීමෙන් පසු තීරණය කළ හැකි බවත් එවැනි සාකච්ඡාවක් ලබාදෙනු ඇතැයි අපේක්‍ෂා කරන බවත් ඒ මහතා කීවේය.

වසර 27 ක පමණ කාලයක සිට මෙම ගැටලූව විසඳීම සඳහා කැබිනට් තීරණ කිහිපයක් මෙන්ම චක‍්‍රලේඛ ද කිහිපයක් නිකුත්ව ඇති බවත් ඒ නිසා කැබිනට් තීරණ වෙනුවට සුබෝධනී කමිටු වාර්තාව අනු කමිටුවේ යෝජනාවක් ලෙස ක‍්‍රියාත්මක කරන ලෙස කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා සිටින බවත් ස්ටාලිං මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment