මසුන් මැරීමට ගෙනා පුපුරණ ද‍්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට

105

නීති විරෝධී ලෙස මසුන් මැරීම සදහා ඉන්දියාවේ සිට රැගෙන එන ලද බවට සැකකෙරෙන කිලෝ 998 ග්‍රෑම් 750ක බරකින් යුත් වෝටර් ජෙල්නැමති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු 7990 ක තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම ශාන්තිපුරම් වෙරළ ප්‍රදේශයේදී ඊයේ අත් අඩංගුවට ගෙන ඇත.

උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රීලංනානෞ තම්මැන්නා සහ ගජබා යන ආයතනයන්ට අනුයුක්ත විශේෂ නාවික හමුදා කණ්ඩායමක් විසින් මන්නාරම පොලීසිය හා එක්ව මන්නාරම ශාන්තිපුරම් වෙරළ ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු නිවසක් පරීක්‍ෂාවට ලක්කර එහි නීති විරෝධී ලෙස සඟවා ගබඩා කර තිබූ මෙම වාණිජ පුපුරණ ද්‍රව්‍ය අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 54 සහ 57 වයස් වල පසුවන මන්නාරම ශාන්තිපුරම් සහ වංකාලේ ප්‍රදේශයන්හි පදිංචිකරුවෝ වෙති.හ

advertistmentadvertistment
advertistmentadvertistment