මහගමසේකර උද්‍යානය විවෘත කිරීමේ උළෙලට පවුලේ සාමාජිකයන් සහභාගී නොවුණේ ඇයි!

816

මහගමසේකර සූරීන්ට උපහාර පිණිස ඔහුගේ උපන් ගම වූ දොම්පේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රදාවාන තුංමංහංදියේ ඉදිකරන ලද මහගමසේකර කලා උයන 1981.11.28 එවකට සංස්කෘතික අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ ඊ. එම්. බී. හුරුල්ලේ මහතා විසින් විවෘත කරන ලදි.

 එහි ස්ථාපිත කරන ලද සමරු ඵලකයෙහි සඳහන්ව ඇත්තේ ‘‘සත්‍ය තරම් සුන්දර දෙයක් ලොව තවත් නැත. විසිවැනි සියවසේ මහ කලාකරු මහගමසේකර කිවිඳුනි සත්‍යයට මග පෑ තුංමංහංදිය සදාකාලයෙන් සදාකාලයට ඔබටයි’’ යනුවෙනි.

 එම වදන් පෙළ සහිත සමරු ඵලකය පමණක් නොව මහගමසේකර පිළිරුව පවා මේ වනවිට මුල් පිහිටුවීමෙන් ඉවත්කර වෙනත් ස්ථානයක ස්ථාපිත කොට ඇත. මහගමසේකර උද්‍යානය ලෙස නම් කරන ලද එම දෙවන පිහිටුම ඉකුත් 9 දා ජනතා අයිතියට පත් කරන ලදී. නාගරික සංවර්ධන අධිකාරිය විසින් නවීකරණය කරන ලද අභිනව මහගමසේකර උද්‍යානය මෙවර ජනතා අයිතියට පවරන ලද්දේ නාගරික සංවර්ධන අපද්‍රව්‍ය බැහැරලීම හා ප‍්‍රජා පවිත‍්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ ප‍්‍රධානත්වයෙන්ය. ඊට සමගාමීව එදිනම මහගමසේකර නිර්මාණවලිය උත්කර්ෂයට නැෙ`ගන සේකර සම්භාවනා ශ‍්‍රව්‍ය දෘෂ්‍ය මියැසි සංග‍්‍රහය නමින් වැඩ සටහනක් පවත්වා ඇත. එය උත්කර්ෂයට නැංවෙන්නේ හේනේගම පිහිටි උත්සව ශාලාවකය. එම උත්සවය සඳහා කොළඹ සිට එහි යන විශේෂ ආරාධිතයන් පිරිසක්ද සහභාගි වුහ.

 මෙම විවෘත කිරීමේ උත්සවයේ සහ ඉන් අනතුරුව සිදු කරන්නට යෙදුන ‘‘සේකර සම්භාවනා’’ ශ‍්‍රව්‍ය දෘෂ්‍ය මියැසි සංග‍්‍රහය තුළ බරපතළ ලෙස ඉස්මතුව පෙනෙන්නට තිබී ඇති කරුණ බවට පත්වන්නේ ඉහත අවස්ථා දෙක සඳහා මහගමසේකරයන් නියෝජනය කරමින් සේකර පවුලේ සාමාජිකයන් කිසිවෙක් ඒ සඳහා සම්බන්ධ නොවීමය.

 මේ පිළිබඳව කරන ලද සොයා බැලීමකදී තහවුරු වූ කරුණුවලට අනුව සිදුවීම පෙළ ගැසෙන්නේ පහත සඳහන් ආකාරයටය. මහගමසේකර පවුලේ සාමාජිකයන් සඳහන් කර සිටින ආකාරයට ඉකුත් ඔක්තොබර් මස 26 වන දින නාගරික සංවර්ධනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශ ජනමාධ්‍ය ලේකම්වරයා විසින් මහගමසේකර පවුලේ සාමාජිකයන් දැනුවත්කරමින් සඳහන් කර සිටින්නේ නාගරික සංවර්ධන අධිකාරියෙහි වැඩපිළිවෙළක් යටතේ තුංමංහංදිය නවීකරණය කළ බවත් එහි පිහිටි මහගමසේකර මහතාගේ ස්මාරකය හා සොහොන් ගැබ එහි මුල් පිහිටුමෙන් ඉවත්කොට ඉදිරියට ගෙනවිත් ස්ථාපිත කළ බවක්ය.

 ඒ සඳහා ප‍්‍රතිචාර දක්වමින් මහගමසේකර පවුලේ සාමාජිකයන් සඳහන් කර සිටින්නේ තුංමංහංදිය රදාවානට සංකේතයක් බවත් එම සංකේතාත්මක වටිනාකම තුංමංහංදියට ලැබුණේ මහගමසේකරයන්ගේ කලා නිර්මාණ නිසා බවත් මහගමසේකරයන්ගේ සේවයට ගරු කිරීමක් සිදු කරන්නේ නම් කළ යුතුව තිබුණේ සොහොන් කොත හෝ ස්මාරකය තිබූ අයුරින් පවත්වාගෙන යෑමත් පසුකාලීනව තුංමංහංදිය භූමිය කේන්ද්‍ර කර ගනිමින් ඉදිකරන ලද ක‍්‍රීඩා පිටිය වෙනත් ස්ථානයකට ගෙන යෑම බවය. එහිදී මහගමසේකර පවුලේ සාමාජිකයන් වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ මහගමසේකර මහතාගේ භෂ්මාවශේෂ ස්වල්ප ප‍්‍රමාණයක් හෝ ඉතිරිව ඔහුගේ සොහොන් කොත තම පවුලේ සාමාජිකයන් හට අතිශය වැදගත් ස්ථානයක් වන බවත් එබැවින් මහගමසේකර මහතාගේ පවුලේ සාමාජිකයන් ගේ අනුදැනුමකින් තොරව එය වෙනත් ස්ථානයකට ස්ථාපිත කිරීම මගින් මහගමසේකර මහතාටත් තම පවුලේ සාමාජිකයන් හටත් බලවත් නිග‍්‍රහයක් හා අකටයුත්තක් සිදුකර ඇති බවත්ය.

 මහගමසේකර පවුලේ සාමාජිකයන් විසින් දක්වන ලද අදහස් පිළිබඳව සැලකිලිමත් නොවන නාගරික සංවර්ධන අධිකාරිය මාස කීපයක් තිස්සේ කරන ලද ඉදිකිරීම් අවසන, ඒ නිමිත්තෙන් පැවැත්වෙන උත්සවය සම්බන්ධයෙන් පමණක් මහගමසේකර මහතාගේ පවුලේ සාමාජිකයන් දැනුවත් කර සිටින්නේ උත්සවය සංවිධානය කරන ලද රදාවාන මහගමසේකර විදුහල් ආදි ශිෂ්‍ය නායක සංසදය මාර්ගයෙන්ය. ඉහත කරුණු කාරණ මුල්කරගනිමින් එම අවස්ථාවට සම්බන්ධ නොවීමට මහගමසේකර පවුලේ සාමාජිකයන් තීරණය කරන ලද අතර ඒ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දක්වමින් ඔවුන් පවසා සිටින්නේ ඉහත සඳහන් සිදුවීම් පෙළ හුදෙක් දේශපාලන අරමුණු සක්ෂාත් කර ගැනීමේ අභිලාෂයෙන් සිදු වූ එකක් බවත් මහගමසේකර මහතාගේ සොහොන් ගැබ හා ස්මාරකය පූර්ව දැනුම්දීමකින් තොරව වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීම

 මගින් සිදුකර ඇති නිග‍්‍රහයන් අකටයුත්තක් පිළිබඳව ඔවුන්ගේ දැඩි අප‍්‍රසාදය පළකිරීම වශයෙන් පසුගිය නොවැම්බර් මස 09 වන දින පැවැත් වූ එම උත්සව අවස්ථාවන් දෙක සඳහා සහභාගි වීමෙන් වැළකී සිටීමට මහගමසේකර පවුලේ සාමාජිකයන් විසින් තීරණය කළ බවත්ය.

  *  රුවන්

මහගමසේකර උද්‍යානය විවෘත කිරීමේ උළෙලට පවුලේ සාමාජිකයන් සහභාගී නොවුණේ ඇයි!
advertistmentadvertistment
advertistmentadvertistment