මහගම සේකර අනුස්මරණ උලෙළ අප්‍රේල් 27 සිට මැයි 05 දක්වා දෘශ්‍ය කලා පීඨයේදි

258

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ පූර්ව ආයතනයක් වූ රජයේ කලා සැලසුම් ආයතනයේ, රජයේ කලා හා ශිල්ප විද්‍යාලයේ මෙන්ම පසුව කැලණිය විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ කලා හා සැලසුම් අධ්‍යයනාංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ මහගම සේකර අනුස්මරණ උළෙලක් 2023.04.27 සහ 28 යන දෙදින සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දෘශ්‍ය කලා පීඨයේදී පැවැත්වේ.

එතුමාට ගෞරව පිණිස එම පීඨයේ අලුතින් ඉදිකරන ලද ගොඩනැඟිල්ල මහගම සේකර ගොඩනැඟිල්ල ලෙස නම් කරන අතර එතුමාගේ උඩුකය මූර්තියක් නිරාවරණය කිරීමට ද නියමිතය. එමෙන්ම මහගම සේකර මහතා ගේ චිත්‍ර නිර්මාණ සියයකට වැඩි ප්‍රමාණයක් ඇතුළත් ප්‍රදර්ශනය දෘශ්‍ය කලා පීඨයේ ජේ.ඩී.ඒ. කලාගාරයේ දී පැවැත්වේ. මැයි මස 5 වන දින දක්වා මහජන ප්‍රදර්ශනය සඳහා විවෘතව ඇත.

මහගම සේකර අනුස්මරණ උලෙළ අප්‍රේල් 27 සිට මැයි 05 දක්වා දෘශ්‍ය කලා පීඨයේදි

මහගම සේකර මහතාගේ නිර්මාණ ප්‍රදර්ශනයක් එතුමා ජීවත්ව සිටි අවධියේ 1969 දී ජාතික කලා භවනයේදී අවසාන වරට ඉදිරිපත් කොට ඇත.

මෙම ප්‍රදර්ශනය කලා අධ්‍යයන හා පර්යේෂණ අරමුණ පෙරදැරිව සංවිධානය කොට ඇති අතර, ඒ සඳහා චිත්‍ර නිර්මාණ, පොත් කවර නිර්මාණ, බතික් නිර්මාණ වැනි ක්‍ෂේත්‍ර කිහිපයකට අයත් නිර්මාණයන්හි මුද්‍රිත පිටපත් සියයකට වැඩි ප්‍රමාණයක් ප්‍රදර්ශනය කෙරේ.

මෙම ප්‍රදර්ශනය රවීන්ද මහගම සේකර සහ දෘශ්‍ය කලා පීඨය එක්ව අභිරක්ෂණයෙන් සිදු කරන අතර මහජන ප්‍රදර්ශනය සඳහා අප්‍රේල් 28 සහ මැයි මස 02,03,04,05 යන දිනයන් විවෘතව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment