මහගිරිදඹ සිට හඬ නිහඬ දක්වා මනෝ සොඳුරු රඟ සොබා

170

2022 දෙසැම්බර් 18 දා ලයනල් වෙන්ඩ්ට්හිදී

“මහගිරිදඹ සිට හඬ නිහඬ” දක්වා ජයලත් මනෝරත්නයන්ගේ අතිවිශිෂ්ට නාට්‍ය නිර්මාණයන් ඇසුරින් පෙළ නැංවූ “මනෝ සොඳුරු රඟ සොබා” අතිශයින්ම වින්දනාත්මක නාට්‍යමය සංගීතාත්මක ප්‍රසංගය බණ්ඩාර ඇහැළියගොඩගේ අධ්‍යක්‍ෂණයෙන් යුතුව 2022 දෙසැම්බර් මස 18 වන ඉරිදා සවස 3.30 ට සහ 7.00 ට කොළඹ 07, වායු සමනය කළ ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී වේදිකාගත කිරීමට කටයුතු යොදා ඇත.

රොඩ්නි වර්ණකුල, ප්‍රසන්නජිත් අබේසූරිය, රත්නා ලාලනී ජයකොඩි, ෆර්නි රොෂිනි, ඉෂාර වික්‍රමසිංහ, තෙරුණ ආශංසා, ඉන්දික ජයසිංහ, භානුක මනෝරත්න, නයනතාරා සඳමාලි, රුයිනි ලියනගේ ඇතුළු ප්‍රවීණ ශිල්පීන් ගායනයෙන් සහ රංගනයෙන් දායක වන මනෝ සොඳුරු රඟ සොබා නාට්‍යමය සංගීතාත්මක ප්‍රසංගය රංජිත් බාලසූරියගේ මිරුයු සංගීතයෙන් හැඩ ගැන්වේ. මෙහි ප්‍රධාන සංවිධායක ලෙස ජූඩ් ශ්‍රීමාල් කටයුතු කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment