මහජනතාව වගකීම් විරහිතව හැසිරුණොත් දෙසැම්බර්වල කොරෝනා රැල්ලක් – පීඑච්අයි සංගමයේ උප සභාපති කුලතිලක

69

මහජනතාව වගකීම් විරහිතව සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකරමින් හැසිරෙන බවත් මේ අන්දමට කටයුතු කළහොත් දෙසැම්බර් මාසය පමණ වනවිට නැවතත් කොරෝනා රැල්ලක් ඇතිවීම වැළැක්විය නොහැකි බව ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උප සභාපති කටාන සහ දිවුලපිටිය ප‍්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක කුලතිලක මහතා පවසයි.

රෝගීන් වාර්තාවීම අඩුබව පෙනුනත් දිනපතා කොවිඞ් අසාදිත මරණ සැලකිය යුතු ප‍්‍රමාණයක් සිදුවන බවද පැවසූ කුලතිලක මහතා මෙම කරුණු පිළිබඳව අවධානය යොමුකර සෞඛ්‍ය පුරුදු අනුව තවදුරටත් ආරක්ෂිතව කටයුතු කිරීම සියලූදෙනාගේම වගකීමක් බවද වැඩිදුරටත් පැවසීය.

මීගමුව – විමල් කීර්ති
 

advertistmentadvertistment
advertistmentadvertistment