මහජන ආරක්ෂක ලේකම් ඉල්ලා අස්වේ

391

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් අල්විස් මහතා ඊයේ (23 දා) සිය ධුරයේන ඉල්ලා අස්විය.
ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම්වරයා වෙත භාරදී තිබේ.මහජන ආරක්ෂක නව ඇමැති ටිරාන් අලස් මහතා ඊයේ සිය ධුරයේ වැඩ භාර ගත් අතර ඉන් අනතුරුව ලේකම්වරයා සිය ඉල්ලා අස්වීම සිදු කර ඇත.පසුගිය 9 වැනිදා ගාලු මුවදොර අරගලයට එල්ල වූ ප්‍රහාරය පිළිබඳව කොළඹ අපරාධ විමර්ශන අංශය ඊයේ ඔහුගෙන් ප්‍රශ්න කර පැය නවයකට ආසන්න කාලයක දීර්ඝ ප්‍රකාශයක් ලබා ගෙන තිබිණි. මහජන ආරක්ෂක අමාත්‍යාංශයට නව ලේකම්වරයකු අද (24 දා) පත් වීමට නියමිතය.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment