මහජන උපයෝගිතා කොමිසමට නව සාමාජිකයෙක්

75

මහජන උපයෝගිතා කොමිසමේ නව සාමාජිකයකු ලෙස ඩග්ලස් නානායක්කාර මහතා පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන ඇත. අදාළ පත්කිරීමේ ලිපිය මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා වෙත යවා ඇත.

මෙම නව පත්වීම සිදුකර ඇත්තේ එහි සාමාජිකයන් දෙදෙනකුව සිටි මොහාන් සමරනායක සහ උදේනි වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ඉල්ලා අස්වීම හේතුවෙනි.

ඔවුන් දෙදෙනා ඉකුත් 03 වැනිදා සිය ඉල්ලා අස්වීමේ ලිපි මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත භාර දී තිබුණි.
උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment