මහජන උපයෝගිතා කොමිසමේ කට නිසා ඇඟලුම් ඕඩර් අඩුවෙලා

221

නිදහස් වෙළෙඳ කලාප සේවකයන්ගේ ජාතික මධ්‍යස්ථානය

මහජන උපයෝගිතා කොමිසම ඉදිරියේදී පැය 10 ක් 12 ක් විදුලිය කැපීමට සිදුවන බවට කරන ප්‍රකාශ නිසා ඇඟලුම් කම්හල්වලට ලැබෙන ඇනවුම් අඩුවී ඇතැයි නිදහස් වෙළෙඳ කලාප සේවකයින්ගේ ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු ගාමිණී රත්නායක මහතා පැවසීය.

මෙවැනි ප්‍රකාශ නිසා ඇඟලුම් කර්මාන්ත ශාලාවලට ලැබුණු ඇනවුම් සියයට 30 ක් 40 ක් අහිමි වී ඇති බවත් එහි ප්‍රතිඵලය ලෙස ඇඟලුම් කම්හල් කිහිපයකම සේවකයින් දින 06 ක්ව තිබූ සේවා මුරය දින 03 කට සීමාවී ඇති බවත් ඔහු කීය. ඇතැම් ආයතන පැය 24 පුරාම ක්‍රියාත්මක වූ බවත් එම ආයතන දැන් රාත්‍රි සේවා මුරය අවලංගු කර ඇති බවත් ඔහු කීය.

ලබන දෙසැම්බර් මාසයේදී බියගම ආයෝජන කලාපයේ සේවකයින් 2000 කට වඩා සේවය කරන ඇඟලුම් කම්හලක් වසා දමන බවට දැනුම් දී එහි පාලනාධිකාරිය ඉන්දියාවේ හෝ මාලදිවයිනේ පිහිටි කර්මාන්ත ශාලාවලට යෑම සඳහා අයදුම් කරන ලෙස දැනුම්දී ඇතැයි ද ඔහු කීය.

රටේ ආර්ථිකය බිඳවැටී බංකොලොත් බවට පත්ව ඇති බවට බලධාරීන් ප්‍රකාශ කිරීම නිසා අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීමට ඇඟලුම් ආයතනවලට එම අමුද්‍රව්‍යවල වටිනාකමට ඩොලර්වලින් වේලාසන ගෙවීමට සිදුව ඇතැයි ද ඔහු කීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment