මහජන උපයෝගීතා කොමිසමට එරෙහිව විදුලිය පාවිච්චි කරන්නන්ගෙන් පොලිස්පතිට පැමිණිල්ලක්

77

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති මංජුල ප්‍රනාන්දු මහතා ඇතුළු සාමාජිකයන් පස් දෙනකුට එරෙහිව පස් වැදෑරුම් චෝදනාපත්‍රයක් විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය විසින් ඊයේ (31දා) පොලිස්පතිවරයාට භාරදෙන ලදි.

එම චෝදනාපත්‍රය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට ගියද ඔවුන් එය භාර නොගත් බව එම සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා පැවසීය.

ගොනුකර ඇති චෝදනා මෙසේය.

දේශීය ව්‍යවසායකයන්ගේ මෙගාවොට් 50 ක පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය හිතාමතාම ප්‍රමාද කර හදිසි විදුලිය මිලදීගැනීම් සඳහා අවස්ථා දෙකකදීම ක්ෂණිකව අනුමැතිය දීම, පසුගිය වසරේ අවස්ථා දෙකකදී විදුලි ගාස්තු ඉහළ දැමීමට එරෙහිව කොමිසමේ සාමාජිකයන්ට පුද්ගලිකව ගොනු කළ නඩු කටයුතු සඳහා නීතිඥ ගාස්තු කොමිෂන් සභා අරමුදලින් ගෙවීමට උත්සාහ දැරීම, මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිට ලබා දී ඇති නිල රථය බීමතින් පදවා අනතුරට ලක් කර කිරීම, සුදුසුකම් නැති පුද්ගලයකු කොමිසමට පත් කිරීම, මේ වර්ෂයට අදාළ විදුලි ගාස්තු සංශෝධනය මේ වනවිටත් බලාත්මක නොකිරීම යන චෝදනා ඔවුන්ට එල්ල කර තිබේ.

ඉහත චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසත් පොලිස්පතිවරයාගෙන් විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය ඉල්ලා තිබේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment