මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිගේ  හෝටලයේ ලක්‍ෂ 21 ක හිඟ විදුලි බිලක්!

1121

ශ‍්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ (PUCSL) සභාපති ජනක රත්නායක මහතාට අයත් Trillium Property Managment and Service (Ltd) නමැති හෝටලයේ රුපියල් විසිඑක් ලක්‍ෂ හැටදහස් අටසිය විසිහතයි ශත හැත්තෑ එකක (21,60,827.71) හිඟ විදුලි බිල් ගෙවා නැතැයි ලංකා විදුලිබල මණ්ඩලය කියා සිටී.

සභාපතිවරයාට අයත් මෙම ආයතනය හෝටලයක් වන අතර එය 210, ටොරින්ටන් කොළඹ 07 ප‍්‍රදේශයේ පිහිටා ඇත.

මෙම හිඟ බිල්පත නොගෙවීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාගෙන් ‘දිවයින’ කළ විමසීමේදී ඒ මහතා කියා සිටියේ හෝටල් කර්මාන්ත ක්‍ෂේත‍්‍රයට ලබාදී තිබෙන සහන කාලය (moratorium) මත මෙම මුදල එකතු කර තිබෙන බවයි. කෙසේ වෙතත් ලබාදී තිබෙන සහන කාලය පදනම් කරගනිමින් සාමාන්‍ය පරිදි විදුලි බිල ගෙවමින් සිටින බවද සභාපතිවරයා පැවැසීය.

මේ දිනවල රටේ පවතින විදුලි ඉල්ලූම සපුරාලීමට නොහැකි නිසා දිනකට විදුලිය කපන කාලය තීරණය කරනු ලබන්නේ මහජන උපයෝගීතා කොමිසම මගිනි.

ශිරාන් රණසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment