මහජන උපයෝගීතා කොමිසම අහෝසි කළොත් රට පුරා විරෝධතා පවත්වනවා

138

විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම්

විදුලි බිල අසාමාන්‍ය ලෙස මාස තුනක් ඇතුළත 2 වැනි වරටත් වැඩිකිරීමට විරෝධය දක්වමින් විදුලිය පාව්චිචි කරන්නන්ගේ සංගමය සංවිධානය කරන විරෝධතාවක් අද (10 දා) දහවල් 12.00 ට මීරිගම පොළ අසලදී පැවැත්වේ.

එසේම හෙට (11 දා) පස්වරු 1.30 ට නුවරඑළිය, මෙරයා ළිඳුල ප්‍රදේශයේදී ද විරෝධතාවක් පැවැත්වේ.

මේ පිළිබඳව අදහස් දැක්වූ විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා මෙසේද කීය.

රජය අත්තනෝමතික ලෙස මහජන උපයෝගීතා
කොමිසමේ සභාපතිවරයා හෝ මහජන කොමිෂන් සභාව අහෝසි කිරීමට පියවර ගත්තොත් රට පුරා දැවැන්ත විරෝධතාවලියක් ක්‍රියාත්මක කරනවා. සභාපති විදුලි පාරිභෝගිකයෙක් වුණාට කමක් නැහැ. නමුත් ඔහු ඩීසල් මාෆියාවේ මුදලාලි කෙනෙක් වුණානං තමයි ප්‍රශ්නය. ඒ නිසා කංචන ඇමැතිවරයා තෙලෙන් බැදලා ඩීසල් මාෆියාව ඉත්තෙක් ගේන්නයි සැලසුම් කරලා තියෙන්නේ. දැනටත් තෙල් බැරල් එකෙන් ඩොලර් 35 ක් විතර විවිධ පාර්ශ්ව ගහ ගන්නවා. මේ කුමන්ත්‍රණය පාරිභෝගිකයන් සමග එකතුවෙලා අපි පරාජය කරනවා.

විදුලිය පාව්චිචි කරන්නන්ගේ සංගමයේ නුවරඑළිය දිස්ත්‍රික් සංවිධායක සමස්ත ලංකා වෘත්තිය සමිති කොංග්‍රසයේ ලේකම් අම්මාසි එස්. නල්ලුසාමි මහතාගේ සංවිධායකත්වයෙන් නුවරඑළිය විරෝධතාව පැවැත්වේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment